Covid 19

දකුණු පළාත් ආණ්ඩුකාරවරයාටත් කොවිඩ්

තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට අද (02)දින තහවුරුවී ඇති බැව් දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ මහතා පවසයි.

තම පෞද්ගලික ලේකම්වරයාට කොරෝනා වෛරසය ආසාදනය විම නිසා තමන් නිරෝධායනය වෙමින් සිටි බවත් එහිදි සිදුකළ පි.සි.ආර් පරික්ෂණයේ දි තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද දකුණු පළාත් ආණ්ඩුකාරවරයා අප කළ විමසුමකදි පැවසිය.

වැඩිදුර ප්‍රථිකාර සදහා කොළඹ අයි.ඩි.එච් රෝහල සදහා අද (02) උදැසන පිටත්ව යන බවද හෙතෙම පැවසීය.

මිට පෙර ආණ්ඩුකාරතුමාගේ පෞද්ගලික ලේකම්වරයා හා ඔහුගේ රියදුරුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට පි.සි.ආර් පරික්ෂණවලදි තහවුරු වි තිබුණි.

ආණ්ඩුකාරතුමා ද ලේකම්වරයාගේ පළමුපෙළ ආශ්‍රිතයකු වන අතර පළමුපෙළ ආශ්‍රිතයින් 18 දෙනෙකු පි.සි.ආර් පරික්ෂණවලට ලක්කොට ඇති අතර ඔවුන් 18 දෙනාට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරුවි ඇත.

Related posts

මහනුවර ජාතික රෝහලේ 08කට කොරෝනා

colombotoday

කොරෝනා තවත් නව ප්‍රභේදයන් මෙරටට ඇවිත් ?

colombotoday

ලෝකයම අවදානමේ.. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

colombotoday

එකවර කොරෝනා රෝගීන් 14 ක් හමුවෙයි. රෝගීන් සංඛ්‍යාව 233 දක්වා ඉහලට

colombotoday

අද කොවිඩ් ආසාදිතයින් 1,286 ක්

colombotoday

වැල්ලේ සෙල්ලම් කළ 20 ක් අත්අඩංගුවට

colombotoday