Colombo Today Local News

දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට විශේෂ ජනපති කොමිසමක්

දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත්කළ පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශවලට අනුව අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධම්මික ප්‍රියන්ත සමරකොන් මහතාගේ සභාපතිත්වයෙන් යුක්ත ත්‍රිපුද්ගල කමිටුවක් මෙලෙස පත්කර ඇති බව වාර්තා වේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේමා කුමුදුනී වික්‍රමසිංහ, අභියාචනාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ එම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් වෙයි.

2015 ජනවාරි මස 08 වන දින සිට 2019 නොවැම්බර් 16 වන දින දක්වා කාලය තුළ දේශපාලන පළිගැනීම් පිළිබඳව පරීක්ෂා කර විමර්ෂණය කිරීම සඳහා පත්කළ පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබීය.

එම වාර්තාවේ නිර්දේශ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ ද අනුමැතිය හිමිවිය.

අදාළ වාර්තාට අනුව විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කර එම වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමට එම විශේෂ ජනාධිපති කොමිෂන් සභාව පත්කර තිබේ.

ඒ අනුව මාස 03 ක් ඇතුළත විමර්ශන සිදුකර අවශ්‍ය නිගමනයන් හා නිර්දේශවලට අනුව ලබාදෙන දඩුවම් දක්වමින් අවසන් වාර්තාව හෝ අතුරු වාර්තාව තමන් වෙත ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට නියෝග කර ඇත.

Related posts

“වෘත්තීය සමිති තමන්ගේ සීමාව දැනගත යුතුයි“ – ෆොන්සේකා කල්තියා අනතුරු අගවයි

colombotoday

පෝර්ට් සිටී නව ගිවිසුම අත්සන් තැබේ.. චීනයට අක්කර 257 ක්.. පැරණි ගිවිසුමටත් වැඩියෙන් මුහුද ගොඩකරයි

colombotoday

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තරම් සුදුසු වාතාවරණයක් නැහැ

colombotoday

රවුෆ් හකීම් ත්‍රස්තවාදීන් වෙනුවෙන් පෙනී සිටියි. | නාමල් රාජපක්ෂ කොටි සැකකරුවන්ට නිදහස ඉල්ලයි.

colombotoday

බදුල්ල ශික්ෂණ රෝහලේ කෝටි හතක බිලක් – ගොඩනැගිලි තුනක විදුලිය කපයි

Admin

“ග්ලයිෆොසෙට් අධිවිෂ රසායනයක් බව තහවුරුකර තිබියදී විද්වත් කමිටු පත් කිරීම විහිළුවක්” – මහාචාර්ය චන්න ජයසුමන

colombotoday