Colombo Today Local News

වස පානය කර බෙල්ල කපාගෙන? ව්‍යාපාරික ස්ථානයක් තුළ අභිරහස් මරණයක්

මුන්දලම පුලිච්චාකුලම ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක් තුළ පුද්ගලයෙකු වසපානය කොට තියුණු පිහියකින් බෙල්ලකපාගෙන 30දා මරණයට පත්ව ඇතිබවට සැක කරන මෘත ශරීරයක් පිළිබඳව සෙවීමට පරීක්ෂණයක් ආරම්භ කර ඇතිබව උඩප්පුව පොලීසිය පවසයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ මුන්දලම පුලිච්චාකුලම පදිංචි මොහොමඩ් කමල්දීන් මොහොමඩ් සමීන් නැමති 40 හැවිරිදි තිදරු පියෙක්.

අදාළ පුද්ගලයා තම ව්‍යාපාරික ස්ථානය වසා දොරගුලු දමාගෙන මෙම මරණය සිදුකරගෙන ඇත.

එම ව්‍යාපාරික ස්ථානය දහවල්වන තෙක් විවෘත නොවීම හේතුවෙන් අසල්වාසී ව්‍යාපාරිකයින් ඒපිළිබඳව සොයා බැලීමේදී මෙම මෘත ශරීරය සොයාගන ඇති අතර මෘතශරීරය අසල තිබූ තියුණු පිහියක්, වසකුප්පියක් උඩප්පුව පොලීසිය විසින් සොයාගන තිබෙනවා.

මෙසේ සිය දිවිනසාගැනීම පිළිබඳව හෝ මරණය අභිරහසක් වන අතර ඒ පිළිබඳව සෙවිමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බව පොලීසිය පවසයි.

මෘත ශරීරය පුත්තලම රෝහලේ පරීක්ෂණ සඳහා තැන්පත් කරඇති අතර ඒ සම්බන්ධයෙන් පී. සී. ආර් පරීක්ෂණයක් සිදුකළ යුතුබව සෞඛ්‍ය අංශ පවසයි.

ඉන් අනතුරුව මෘතශරීරය සම්බන්ධයෙන් පශ්චාත් පරණ පරීක්ෂණයක් සිදුකරන බව පොලීසිය සදහන් කරයි.

Related posts

අළුත්ගම – දර්ගා නගරයෙන් පෙට්‍රල් බෝම්බ පහක් සොයාගනී..

colombotoday

වනාතවිල්ලුවේ මහා පරිමාණ කසිප්පු ජාවාරමකට තිත…

colombotoday

මානව හිමිකම් කොමසාරිස්‌ගේ කැකිල්ලේ ‘හයිබ්‍රිඩ්’ තීන්දුව මෙන්න!

colombotoday

“විධායකය අහෝසි කරනවානම් ව්‍යවස්ථාව ගැන සාකච්ඡාවට සූදානම්..” ඒකාබද්ධයෙන් අගමැතිට කොළ එළි

colombotoday

ඥානසාර හිමිගේ සාක්ෂිය රෙකොර්ඩ් කරන්න ගිය උලමෙක් මාට්ටු

colombotoday

එජාපයට කොළඹින් එක මන්ත්‍රීධුරයක් නැහැ

colombotoday