Colombo Today Local News

එන්නත්කරණය අදත් තෝරාගත් රෝහල්වලදී

ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබා දීම දිවයිනේ තෝරාගත් රෝහල්වල අද(30) දිනයේත් සිදු කෙරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොවිඩ් රෝග පාලන හා ප්‍රථමික සෞඛ්‍ය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි පුනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ, සියලුම ප්‍රාදේශීය ඖෂධ ගබඩාවලට එම එන්නත් තොග යවා ඇති බවයි.

මෙරටට ලැබුණු මෙම එන්නත දින 05 ක් තුළ ලබා දී අවසන් කරන බව ද අමාත්‍යවරිය ප්‍රකාශ කළා ය.

ඉන්දීය රජයේ පරිත්‍යාගයක් ලෙස එන්නත් මාත්‍රා ලක්ෂ 5 ක් මෙරටට ලැබුණු අතර කොවිෂීල්ඩ් එන්නත්කරණය ඊයේ නිල වශයෙන් ආරම්භ කෙරුණි.

එහි සමාරම්භක උත්සවය පැවැත්වුණේ, ජාතික බෝවන රෝග විද්‍යායතනයේදීය.

Related posts

විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් ගැනීම නවතයි

colombotoday

ඩිජිටල් ඇමතිගෙන් තරුණයන්ට ලාබෙට ස්මාර්ට් ෆෝන් සහ ටැබ්ලට්

colombotoday

විභාග කොමසාරිස් ජනරාල් ධුරයට නවකයෙක්

colombotoday

උත්සව සමයේදී දකුණේ වෙළෙඳුන්ට උතුරට ඒම තහනම් කරන්න – යාපනය වාණිජ මණ්ඩල ප‍්‍රධානී

colombotoday

මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ විදුලි සෝපානයක සිරවෙයි

Admin

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල කාප්පාදුවක්

Admin