Covid 19

පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ සැකකරුවන් 16කට කොරෝනා

වවුනියාව පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවා සිටි සැකකරුවන් 16දෙනකු කොවිඩ් – 19 වයිරසය ආසාදනය වී අද(28) හදුනාගත් බව වවුනියාව සෞඛ්‍ය අංශ කියයි.

කොරෝනා ආසාදනය වී ඇත්තේ, එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රතිසංවිධානය කිරීම හා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවා ප්‍රශ්න කරමින් සිටි 16 දෙනකුටය.

පසුගිය 25 වැනිදා උණ රෝගී තත්වයක් හේතුවෙන් වවුනියාව ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවා සිටි සැකකරුවකු වවුනියාව මහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයකදී ඔහුට කොවිඩ් – 19 වයිරසය ආසාදනය වී ඇති බව හදුනාගැනිණි.ඒ අනුව ත්‍රස්ත විමර්ශන ඒකකය යටතේ රඳවා සිටි සෙසු සැකකරුවන් 30 දෙනකු පී.සී.ආර්. පරීක්ෂණයට යොමුකර ඇත. ඒ අනුව, මෙම පිරිස ආසාදිතයන් බව තහවුරු වී තිබේ.

පොලිසිය පැවසූයේ ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් වෙතද පී.සී.ආර් පරීක්ෂණය සිදුකළද එම නිලධාරීන් කිසිවෙකු වයිරසය ආසාදනය වී නැති බවය. සෙසු සැකකරුවන් 13 දෙනා පොලිස් ආරක්ෂාව යටතේ නිරෝධායනයට යොමුකිරීමට පියවරගෙන ඇතැයිද පොලිසිය පැවසීය.

ආසාදිත සැකකරුවන් පොලිස් ත්‍රස්ත විමර්ශන නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමුකිරීමට නියමිත බවද වවුනියාව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

Related posts

කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් තවත් ඉහළ​ට

colombotoday

ජනප්‍රිය නිලි කන්ගනාටත් කොරෝනා

colombotoday

මැදවච්චියේ ආසාදිතයින් ගණන 54 දක්වා ඉහලට. | වකුගඩු රෝගීන් 30කට රැපිට් ඇන්ටිජන් පරික්ෂණ

colombotoday

නුවරඑළිය මහ රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙක් ඇතුළු 23 දෙනෙකුට කොවිඩ්

colombotoday

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 57,000 ඉක්මවයි

colombotoday

ඊයේ තහවුරු කල තවත් කොවිඩ් මරණ 22ක්

colombotoday