Colombo Today Local News

කාලි ආරූඪ වී වෛද්‍යවරයෙකුට පහර දුන් ධම්මික බණ්ඩාරට පොලිසියේදී සිදු වූ දේ

පේරාදෙණිය මහ රෝහලේ දන්ත වෛද්‍යවරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ කොරෝනා මර්දන පැණියක් නිෂ්පාදනය කළේ යැයි කියූ ධම්මික බණ්ඩාර නැමැත්තා ඊයේ (23)දින වරකපොල පොලිසියේ දී එම පහරදීම සම්බන්ධයෙන් අදාළ වෛද්‍යවරයාට සිය කනගාටුව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව, එම පැමිණිල්ල විභාග කිරීම සඳහා පැමිණිලිකාර පාර්ශවය සහ ධම්මික බණ්ඩාර නැමැත්තා පොලිසියට කැඳවූ අවස්ථාවේදී දෙපාර්ශවය ම සමතයකට පත්වූ ඇති බවයි වාර්තාවන්නේ.

ධම්මික බණ්ඩාර නැමැත්තා නිෂ්පාදනය කළ කොරෝනා මර්දනය සඳහා යැයි පවසන පැණිය ලබා ගැනීමට ඔහුගේ වරකපොල, උඩුකුඹුර ප්‍රදේශයේ පිහිටි නිවසට ඉකුත් 12 වන දා රාත්‍රී පේරාදෙණිය මහ රෝහලේ දන්ත වෛද්‍යවරයෙකු, අනුරාධපුර මහ රෝහලේ වෛද්‍යවරයෙකු සහ පේරාදෙණිය මහ රෝහලේ සේවය කරන හෙද නිලධාරිනියන් දෙදෙනෙකු ගොස් තිබුණා.

එහිදී ධම්මික බණ්ඩාර නැමැත්තා එම වෛද්‍යවරුන් දෙදෙනාට හා හෙද නිලධාරිනියන් දෙදෙනාට මුදලට කොරෝනා පැණිය ලබා දී ඇත.

පසුව, වෛද්‍යවරුන් දෙදෙනා සහ හෙද නිලධාරිනියන් දෙදෙනා ධම්මික බණ්ඩාර නැමැත්තා සමග සුහදව කතා බහ කරමින් සිටින අවස්ථාවේ දී එක් වෛද්‍යවරයෙකු ධම්මික බණ්ඩාර නැමැත්තාගේ නිවස සිය ජංගම දුරකතනයෙන් රූපගත කර තිබුණු බව පොලිසිය පවසනවා.

එම අවස්ථාවේ දී ධම්මික බණ්ඩාර නැමැත්තා වෛද්‍යවරයාගේ දුරකතනය පැහැරගෙන පරීක්ෂා කර ඇති අතර එහි තිබුණු නිවසේ වීඩියෝ දර්ශන දැක උරණවී ජංගම දුරකතනය පොළවේ ගසා තිබෙනවා.

ඒත් සමග දෙපාර්ශවය අතර ගැටුමක් හටගෙන ඇති බවත් එහිදී ධම්මික බණ්ඩාර නැමැත්තා අදාළ වෛද්‍යවරයාට පහරදී ඇති අතර පසුව වෛද්‍යවරු දෙදෙනා හා හෙද නිලධාරිනියන් දෙදෙනා ධම්මික බණ්ඩාර නැමැත්තාගේ නිවසින් පිටවී පේරාදෙණිය පොලිසියට සිද්ද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

කෙසේ වෙතත් එලෙස පහර දුන්නේ තමා නොව කාලි ආරූඪ වීමෙන් බවයි ධම්මික බණ්ඩාර නැමැත්තා සඳහන් කර ඇත්තේ.

Related posts

වැලිකඩ පෞද්ගලික ආයතනයකට වෙඩි තැබීමක්

Admin

මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට

colombotoday

බන්ධනාගාරයේදී දුරකතනයක් සන්තකයේ තබාගත් රිෂාඩ් බදුර්දීන් නිවැරදි කරු යැයි කියයි.

colombotoday

අර්ජුන් මහෙන්ද්‍රන් අපේ රටේ නමත් කෑවා… සිංගප්පූරු අභ්‍යන්තර කටයුතු ඇමති කියයි

colombotoday

ගැටලු නිරාකරණය සඳහා කඩිනම් පියවර ගන්න – අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

colombotoday

සමනලවැව ජලාශය මත සූර්ය බලාගාර 02කට ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවයි

Admin