Colombo Today Local News

රියදුරු බලපත්‍ර අලුත්කිරීමේ කාලය දීර්ඝ කරයි.

රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ කාලය තවත් මාස 03කින් දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව එම කාලය 2021මාර්තු 31 දක්වා දීර්ඝ කර ඇත.

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් රියදුරු බලපත්‍ර අලුත් කිරීම සඳහා පැමිණෙන රියදුරු බලපත්‍ර ලාභීන් යම් සීමාවකට යටත්ව රියදුරු බලපත්‍ර අලුත් කිරීම සිදු කෙරෙන හෙයින්, එසේ රියදුරු බලපත්‍ර කල් ඉකුත්වන රියදුරු බලපත්‍ර ලාභීන් මාර්ගයේ රිය ධාවනයේ දී සිදුවන අපහසුතාවයන් මගහැරලීම සඳහා (මෝටර් රථ පනතේ 203 වන වගන්තිය) මෙලෙස කාලය දීර්ඝ කිරීමට කටයුතු කර තිබේ.

මින්පෙර 2020 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කර තිබූ රියදුරු බලපත්‍ර අලුත්කර ගැනීමේ කාලය මෙලෙස මාස තුනකට දීර්ඝ කර ඇත.

Related posts

පාස්කු ත්‍රස්තයින් ප්‍රවාහනය කළ වෑන් රථයක් අත්අඩංගුවට

colombotoday

රතන හිමි පාර්ලිමේන්තුවට වැරදි දත්ත දෙයි

colombotoday

එදා කොටින්ට බයේ හැංගිලා සිටි අය අද හමුදාවට ගරහනවා – යුද හමුදාපති

colombotoday

“අපට විරුද්ධ හැම එකෙක්ම මරණව.. මුලින්ම මරන්නේ අපෙන් ගිය උන්” චම්පික කියලා?

colombotoday

කේරළ ගංජා කිලෝ 6ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවේ

colombotoday

ජෝන්ගේ කාර්යාලයට අමාත්‍යාංශයෙන් අපමණ අගයක් ලැබෙයි. මාසික කුලිය ලක්ෂ 200යි..!

colombotoday