Colombo Today Local News

කටුනායකදී පළා ගිය කොවිඩ් ආසාදිතයා සොයා ගනී

කටුනායක, වලානගොඩ ප්‍රදේශයේ තම නවාතැන් පොළෙන් පැනගිය කොවිඩ් ආසාදිතයා සොයා ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, අද (22)දින උදෑසන කටුනායක, 18 කණුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවය.

පසුව ආසාදිතයා 1990 ගිලන්රථ සේවය මඟින් මීගමුව රෝහලේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ඇතුළත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

කටුනායක ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවයේ නියුතු පදවිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන 25 හැවිරිදි ආසාදිතයා සිදුකළ පීසීආර් පරීක්ෂණයකින් අනතුරව කොවිඩ් ආසාදිත බවට තහවුරු විය.

ඒ අනුව එම පුද්ගලයා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා ගෙන යෑමට කටයුතු සුදානම් කර තිබිය ඊයේ (21) දිනයේ දී පළාගොස් තිබුණි.

Related posts

“සීගිරිය බලකොටුවක් නෙමේ ලෙෂර් පාර්ක් එකක්”

colombotoday

මිල්කෝ සභාපති ධූරය ජනක ධර්මකීර්තිට

Admin

සැහැල්ලු ඩ්‍රෝන යානා 15ක් සොරාගත් තිදෙනෙක් මාට්ටු

Admin

රටේ රතු හාල් නැති වුනේ රනිල් නිසා

Admin

ඔන්ලයින් ආනයනය කරන භාණ්ඩ වලට බද්දක්

colombotoday

පොහොට්ටුවෙන් වුවත් තරග කිරීමට ශ්‍රීලනිප යේ අපි සූදානම්…

colombotoday