Covid 19

ශ්‍රී පාද වන්දනාවේ ගිය 5කට කොවිඩ්

ශ්‍රීපාද වන්දනාවේ ගිය, ගාල්ල විද්‍යාලයක රගර් කණ්ඩායමේ ක්‍රීඩකයින් 04 දෙනෙකුට හා ක්‍රීඩකයකුගේ මවට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

රගර් කණ්ඩායමේ ක්‍රීඩකයින් 12 දෙනෙකු දෙමව්පියන් සමග ජනවාරි 17 වැනිදින ශ්‍රීපාදවන්දනාවේ ගොස් ඇත. මේ අතරින් ක්‍රීඩකයින් දෙදෙනෙකු හික්කඩුව ප්‍රදේශයේ හා අනික් අය විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් ය. 18 වැනිදින මෙම පිරිස නුවරඑළිය බලාගොස් එහි ලැගුම්හලක එකක නතරවී සිට ඇති බවද යලි මොවුන් ගාල්ලට පැමිණ ඇති අතර එහිදි රගර් ක්‍රීඩකයකුගේ මවට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බවද ඒ මහතා පවසයි.

මොවුන් මිනුවන්ගොඩ ප්‍රදේශයේ කුලීනිවසක පදිංචිව සිට ඇත. පසුව රගර් ක්‍රීඩකයාට කරණු ලැබු පි.සි.ආර් පරික්ෂණයේ දි ඔහුද ආසාදිතයකු බව තහවුරුවී ඇත. පසුව හික්කඩුව ප්‍රදේශයේ පදිංචි රගර් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනාට ද පි.සි.ආර් පරික්ෂණවලදි කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇත. මෙම පි.සි ආර් පරික්ෂණ කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකර තිබේ.

පාසල් රගර් ක්‍රිඩකයින් 04 දෙනා කරාපිටිය රෝහලේ 36 වාට්ටුවේ සිට අම්බලන්ගොඩ පොල්වත්ත කොරෝනා වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය සදහා යොමුකරණ බවද ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

නව කොවිඩ් ආසාදිතයින් 204ක් හදුනා ගැනේ

colombotoday

මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ තවත් ආශ්‍රිතයෙක් දඹුල්ලෙන් හමුවෙයි

colombotoday

ඇතැම් පාසල් වල මේ වනවිට කොවිඩ් ගැන අවධානය අඩුවෙලා.. දෙවන රැල්ලක අවදානම පහව ගොස් නැහැ

colombotoday

කොරෝනා නිසා මුලු කුවේටයටම ඇඳිරිනීතිය

colombotoday

කොළඹ තවමත් අවදානම් | කොවිඩ් ආසාදිතයින් 23000 ඉක්මවයි.

colombotoday

මෙරට ඉංග්‍රීසි පුවත්පතක මාද්‍යවේදියෙකුටත් කොරෝනා – පාර්ලිමේන්තුවටත් ගිහින්

colombotoday