Covid 19

ඊයේ කොරෝනා ආසාදිතයින් 770ක්.. අසදිතයින්ගේ තොරතුරු.

ඊයේ දිනයේ (20) මෙරටින් කොවිඩ් – 19 ආසාදිතයින් 770 දෙනෙකු හඳුනා ගැනීමත් සමග සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 55189 ක් දක්වා ඉහළ ගි‌යේ ය.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, එම ආසාදිතයින් අතරින් දෙදෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් අතරින් හඳුනා ගෙන ඇති බවයි.

ඉතිරි ආසාදිතයින් 768 දෙනා හඳුනා ගෙන ඇත්තේ, දේශීයවයි.

හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 270 කි.

ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 80 ක් වාර්තා වී තිබේ.

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක දෙකෙන් ම ආසාදිතයින් 56 බැගින් වාර්තා වී තිබේ.

කොළඹ වැඩිම ආසාදිතයින් පිරිස වන ආසදිතයින් 46 දෙනා නාරාහේන්පිටින් වාර්තා වී ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයේ වේයන්ගොඩින් වාර්තා වී ඇති සංඛ්‍යාව 14කි.

පසුගිය පැය 24 තුළ රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයින් 621 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග සුවය ලැබූ මෙරට සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 47,215ක් දක්වා ඉහළ ගියේ ය.

ඊයේ දිනයේ මෙරටින් එක් මරණයක් (මල්ලවගෙදර ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි කාන්තාවක්) වාර්තා වීමත් සමග මරණ සංඛ්‍යාව 247ක් දක්වා ඉහළ ගිය අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ, ආසාදිතයින් 7700ක් පමණි.

අද උදෑසන වනවිට විදෙස්ගතව සිටි ලාංකිකයින් පිරිසක් මෙරටට පැමිණි අතර අද දිනයේ ත් තවත් පිරිසක් පැමිණීමට නියමිත ය.

එලෙස පැමිණෙන සහ පැමිණි සියලු පුද්ගලයින් ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

නිරෝධායන මධ්‍යස්ථාන 96 ක් තුළ පුද්ගලයින් 7,842 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ (20) දිනය තුළ මෙරටදී PCR පරික්‍ෂණ 18,072 ක් සිදුකර ඇත.

Related posts

ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයවූවන් සෙවීමට දිවයින පුරා සාම්පල රැස් කරයි

colombotoday

ඩෙල්ටා ප්‍රභේදයේ වෛරස් අංශු දහස් ගුණයකින් වැඩී | පර්යේෂකයින්ගේ අලුත්ම අනාවරණය

colombotoday

කොරෝනා ආසාදිත කත රෝහලේ ඉඩ නැතිව බසයෙන් ගෙදර ගිහින්

colombotoday

කොරෝනා වෛරසය ඊයේ මියගිය පුද්ගලයාගේ දේහය ආදාහනය කිරීමට ජනතාව විරුද්ධ වෙයි

colombotoday

ලොව පුරා කොවිඩ් බලපෑම

colombotoday

CID අයෙකුට හා පොලිස් ප්‍රභූ ආරක්ෂක බලකායේ දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි

colombotoday