Business

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඩොලර් මිලියන 300ක විදේශ විනිමය ඉතිරියක්.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට 2020 වසර තුළ ඩොලර් මිලියන 300ක විදේශ විනිමය ඉතිරියක් සිදුවූ බව එහි සභාපති සුමිත් විජේසිංහ මහතා ඊයේ (19)දින කෝප් කමිටුවේදී පැවසීය.

ඛනිජ තෙල් ගබඩා කිරීමට සහ බෙදාහැරීමට අදාළ විශේෂ විගණන වාර්තාව පිළිබඳ ව සාකච්ඡා කිරීමට මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කොප් කම්ටුව ඊයේ (19) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ලංකා ඛනිජ තේල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා අදහස් දක්වමින් එම තොරතුරු ප්‍රකාශ කළේය.

විශේෂයෙන් පසුගිය වසර තුළ බොරතෙල් බැරලයක මිල පහළ යාම නිසාත් තවත් හේතු කිහිපයක් නිසාත් එම වාසිය ලබාගැනීමට හැකි වූ බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා මෙම තොරතුරු සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා බොරතෙල් මිල අඩුවීම නිසා පසුගිය වසර තුළ ලංකා ඛනිජ තේල් නීතිගත සංස්ථාවට ලැබුණු ලාබය පිළිබඳව කොප් කමිටුවේදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එසේම දුම්රිය මගින් තෙල් ප්‍රවාහනය ආරම්භ කිරීම පිළිබඳවත් කමිටුවේ අවධානය යොමුවූ අතර මේ වන විටත් සියයට තිස්ගණනක් දුම්රියෙන් තෙල් ප්‍රවාහනය සිදුවන බවත් එය 42% දක්වා ඉක්මනින් වැඩිකරන බවත් මෙහිදී නිලධාරීහු පැවසූහ.

Related posts

ගෑස් මිල ඉහළ නොදැමීමට අමාත්‍ය අනු කමිටුවෙන් තීන්දුවක්.

colombotoday

රුවන්පුරේ මැණික් කැටවලට ස්විස් රටෙන් අපමණ අගයක්!

colombotoday

කොළඹ කොටස් වෙළදපොළ බිමටම ඇද වැටෙයි. මාස 18කට පසු අඩුම අගය ඊයේ

colombotoday

රුපියලේ තරමක ශක්තිමත්වීමක්

colombotoday

ඩොලරය ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි

colombotoday

පාකිස්තාන අගමැති සමග ව්‍යාපාරික හා ආයෝජන නියෝජිතයින් රැසක් හෙට දිවයිනට

colombotoday