Covid 19

රාජ්‍ය අමාත්‍යාංශයක කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙක්ට කොවිඩ් .

රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

එම ආසාදිතයින් ඉදිරි සෞඛ්‍ය ක්‍රියාමාර්ග සඳහා යොමුකර ඇතැයි එම රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, කොවිඩ් ආසාදිතයින් කිහිපදෙනෙකු හමුවුවද අමාත්‍යාංශය වසා දමා නොමැති බවය.

මේ අතර ආසාදිතයින් ලෙස හඳුනාගත් අයගේ ආශ්‍රිතයින් ද හඳුනාගෙන නිරෝධායනයට යොමුකිරීමට කටයුතු කර ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

සෙසු කාර්ය මණ්ඩලයේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කෙරෙන පරිදි සෞඛ්‍යාරක්ෂක උපක්‍රම උපරිමයෙන් ක්‍රියාත්මක බවත්, අමාත්‍යාංශයේ රාජකාරි කටයුතු සුපුරුදු ලෙස අඛණ්ඩව සිදුකෙරෙන බවත් එම අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කරයි.

Related posts

අද කොවිඩ් මර්දන එන්නත් ලබා ගත හැකි ස්ථාන මෙන්න

colombotoday

ආසාදිතයින් සංඛ්‍යාව 505 ක් දක්වා ඉහළට. අද දිනට 45 වැනි රෝගියාත් වාර්තා වේ.

colombotoday

තවත් කොවිඩ් රෝගීන් 13ක් මරු දකී

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තානාට ත් කොවිඩ්

colombotoday

නුවරඑළියේ කොවිඩ් ආසාදිතයින් ගණන 3000 ඉක්මවයි

colombotoday

වවුනියාව, මහකච්චකොඩිය ගම්මානය හුදකලා කරයි

colombotoday