Colombo Today Local News

හෙට බස් වර්ජන නෑ… අනිත් වර්ජනත් අහෝසියි

bus233

හෙට දිනයේ පැවැත්වෙන වර්ජනයට තම සංගමය එක් නොවෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුනු විජේරත්න මහතා පවසයි. තම ඉල්ලීම් සඳහා අග්‍රමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් විසඳුම් ලැබුණ බැවින් වර්ජනයෙන් ඉවත්වන බවයි ඔහු පවසන්නේ.

අන්තර් පළාත් බස් රථ සංගමයද ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වර්ජනයද අතිහිටවූ බවද වාර්තා වන අතර හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනයට සහභාගී නොවන බව දුම්රිය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණේ ප්‍රධාන ලේකම් සම්පත් රාජිත මහතා පවසා ඇත.

රාජ්‍ය අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එක්ව හෙට දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටවූ බව එහ කැදවුම්කරු සමන් රත්නප්‍රිය මහතාද ප්‍රකාශ කර ඇත.

වෘත්තීය සංගම්වල ඉල්ලීම් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේතුවේදී ප්‍රකාශ කළේ රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප් කිසිසේත් අහෝසි කිරීමට රජය කටයුතු නොකරන බවත්, රාජ්‍ය සේවකයන් සදහා වැඩිකළ වැටුපෙන් රුපියල් 2000ක් ලබන වසරේ සිට මූලික වැටුපට එකතු කරන බවයි.

එසේම අයවැයෙන් රුපියල් 5,000 කළ දුම් පරීක්ෂණ ගාස්තුව රුපියල් 1,500ක් දක්වා අන්තර්කාලීන පියවර්ක් වශයෙන් අඩුකිරීමට තීරණය කළ බවත් අගමැතිවරයා සඳහන් කළේය. ආදායම් බලපත්‍ර ගාස්තුව 25% සිට 15% දක්වා අඩුකරන බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

හෙට පැවැත්වීමට නියමිතව තිබූ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට වෘත්තීය සංගම් තීරණය කර ඇත්තේ අගමැතිවරයාගේ විශේෂ ප්‍රකාශයෙන් පසුවයි.

Related posts

කැලණිය, පට්ටිය හංදියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

colombotoday

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට නව කුලපතිවරයෙක්

Admin

“සිමෙන්ති මිල ඉහළ දැමීමට විරෝධය දක්වමින් මාස තුනකට සිමෙන්ති වැඩ නවත්වන්න”

colombotoday

මහින්ද අලුත් තැනකින්, අලුත් ගමනකට මුල පුරයි (Photo)

colombotoday

අතුරලියේ රතන හිමිගේ වාහනයෙන් වේදිනගම විමලතිස්ස හිමි පැහැරගෙන යයි.

colombotoday

ඇල්පිටිය මැතිවරණය ඇරඹෙයි

colombotoday