Colombo Today Sports News

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ඉතිහාස ගත ජයක්.

ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර බ්‍රිස්බේන් ගැබා ක්‍රීඩා පිටියේ පැවති සිව් වැනි සහ අවසාන ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් කඩුලු 3ක ජයක් ලැබීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 328ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම 5 වන දිනයේ තරඟය නිම වීමට සුළු වේලාවක් තිබියදී ජයග්‍රහණය අත්කර ගැනීමට සමත් වූවේය.

ශුබ්මාන් ගිල් ලකුණු 91යි. චේටෙශ්වාර් පුජාරා 56යි. ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය සඳහා රැගෙන ගිය රිශ්බා පාන්ට් නොදැවී 89යි.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 369ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායම ලකුණු 336යි.

මොහොමඩ් ශිරාජ් ගේ සුපිරි පන්දුයැවීම ඉදිරියේ ඔස්ට්‍රේලියාව සිය දෙවැනි ඉනිම සඳහා රැස් කළේ ලකුණු 294ක් පමණි.

මෙම ජයත් සමග තරඟ 4න් සමන්විත ටෙස්ට් තරඟාවලිය 2-1ක් ලෙස ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

Related posts

ගුවන් අනතුරකින් පාපන්දු ක්‍රීඩකයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට

colombotoday

2020 IPL තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී

colombotoday

නුවන් සොයිසාට වසර 6කට ක්‍රිකට් තහනම්

colombotoday

2016 T 20 ලෝක කුසලානයට පසුව ක්‍රිකට්වලින් සමුගන්නවා – රංගන හේරත්

colombotoday

Manchester United කණ්ඩායමට පළමු ජය

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් නැවතත් කෝප් කමිටුව හමුවට කැඳවයි

colombotoday