Colombo Today Local News

යුක්‍රේන සංචාරකයින් පොළොන්නරුවටත් යයි.

මෙරටට පැමිණ සිටින යුක්‍රේන සංචාරකයින් පිරිසක් අද (19) දින පොළොන්නරුව ප්‍රදේශයේ සංචාරයක නිරත විණි.

පසුගිය දෙසැම්බර් මස සිට නියමු ව්‍යාපෘතියක් ලෙස යුක්‍රේන සංචාරකයින් ගෙන ඒම ඇරඹුණු අතර එය “Bio bubble” යන සංකල්පය යටතේ ක්‍රියාත්මක වේ.

මේ වනවිට 1,200කට ආසන්න යුක්‍රේන සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ තිබේ.

එම කණ්ඩායම් රටේ විවිධ ප්‍රදේශවල සංචාරයේ යෙදෙති.

මේ වනවිට යුක්‍රේන සංචාරකයින් ගෙන ඒම ඔස්සේ රුපියල් කෝටි 42ක ආදායමක් උපයා ගෙන ඇති බව බලධාරීන් පැවසීය.

මෙම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් එමගින් සංචාරක ක්ෂේත්‍රය ට අත්වැලක්දීම බලධාරීන්ගේ අරමුණකි.

කෙසේ වෙතත් ජනවාරි 21 වනදා සිට විදෙස් සංචාරකයින් සඳහා මෙරට ගුවන්තොටුපොළ විවෘත කිරීමට සියලු පියවර ගෙන ඇති බව සංචාරක අමාත්‍යංශය පවසයි.

Related posts

ජනපති සටනට රනිල් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇප තැන්පත් කරයි

Admin

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම හෙට

Admin

දැවිතෙල් ටොන් 2000 ක් විදුලි නිෂ්පාදනයට

colombotoday

මුදල් ඇමති ඉවත් කරන්න කීවෙත් මමයි.. සාගල, විජේදාසත් ඇමති මණ්ඩලෙන් ඉවත් කරනවා

colombotoday

ෂෙහාන් මාලක ගමගේ CID අත්අඩංගුවට

colombotoday

හිටපු ජනපති මෛත්‍රී ඉදිරි ජනාධිපතිවරණයටත් තරග කිරීමේ සූදානමක්

Admin