Colombo Today Local News

කොළඹ මහනගර සභාවේ මන්ත්‍රී කුලතිස්ස ගීකියනගේ ඇතුළු දස දෙනෙක්ට වරෙන්තු.

කොළඹ මහනගර සභාවේ මන්ත්‍රී කුලතිස්ස ගීකියනගේ ඇතුළු සැකකරුවන් දස දෙනෙකු නඩු විභාගයක් සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා විසින් වරෙන්තු නිකුත් කර තිබේ.

2018 වසරේ ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රය තුළට අයුතු ලෙස ඇතුළු වී නීති විරෝධී ජන රාශියක් වශයෙන් ක්‍රියා කළේ යැයි සැකකෙරෙන නඩුව අද (18)දින කැඳවනු ලැබූ අවස්ථාවේ දී සැකකරුවන් හෝ ඔවුන්ගේ ඇපකරුවන් අධිකරණයේ පෙනී නොසිටි ඇත.

ඒ අනුව එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් වරෙන්තු නිකුත් කර තිබේ.

එම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි පැමිණිලිකරු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

අනතුරුව නඩුව අප්‍රේල් මස 23 වනදා කැඳවීමට නියම කළේය.

Related posts

ඩුප්ලිකේෂන් මාර්ගය යළි ඇරේ..

Admin

මරණ දණ්ඩනය හිමිව සිටින සිරකරුවන්ගේ දඩුවම ලිහිල් කිරීමට අවධානය

colombotoday

ආර්ථික විද්‍යාව ගැන මා සමග විවාදයකට එන්නැයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට මං අභියෝග කරනවා.

colombotoday

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංවර්ධන ව්‍යාපෘති ගිවිසුම ප්‍රසිද්ධියට පත් කරයි

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල පහළට…

Admin

හිටපු ජනපති මෛත්‍රී නැවතත් ජනතා කැමැත්ත උරගා බලන්න යයි !

colombotoday