Colombo Today Local News

හිටපු හමුදාපති සහ බුද්ධි අංශ ප්‍රධානීන් සිව් දෙනෙක් CIDයට

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් වීමේ සිද්ධියට අදාළව ප්‍රකාශ සටහන් කරගැනීම සදහා හිටපු යුද හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය මහතා ඇතුළු බුද්ධි අංශ නිලධාරීන් සිව් දෙනෙකු ඉදිරි දින කිහිපය ඇතුළතදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවීමට නියමිත බව වාර්තා වේ.

ඒ අතර හිටපු බුද්ධි අංශ අධ්‍යක්ෂක අමල් කරුණාසේකර මහතාද වන අතර වත්මන් බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ යන මහත්වරුන්ගෙන්ද ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබෙන බව එම වාර්තා පවසයි.

එම ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් එම සිදුවීමට අදාළව ප්‍රශ්න කෙරෙනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

මේ අතර ප්‍රගීත් එක්නැළිගොඩ නමැති අය එල්.ටී.ටී.ඊ සංවිධානය සමග රහසිගත සම්බන්ධතා පැවැත්වූ අයෙකු බවට යුද හමුදා බුද්ධි අංශ හෙළිදරව් කර තිබිණි.

Related posts

මිනිසුන් රවටා දියවන්නාවට යනවා. කාල බීල තමන්ගෙ අභිවෘද්ධිය වෙනුවෙන් විතරක් සැලසුම් කරනවා – මාතලේ රේවත හිමි

Admin

වැල්ලවත්ත මුහුදු වෙරළේ පිරිමි පුද්ගල මළ සිරුරක්

colombotoday

පාවහන් යුගලේ සඟවාගෙන ආ ජංගම දුරකථන 04 ක් අත්අඩංගුවට

colombotoday

ආගමික අන්තවාදය ගැන හොයන්න විශේෂ විමර්ශන ඒකකයක් ඥානසාර හිමි ඉල්ලති.

colombotoday

13ට එහා ගිය බලය බෙදීමක් ඕන.. අත් දෙකම උස්සන්න මම ලෑස්තියි

colombotoday

සමගිපුර මහල් නිවාසයේ තුන්වන මහලෙන් විසි කළ දරුවෙක් මරුට

Admin