කොවිඩ් 19 වසංගත තත්ත්වය තුළ විවිධ ආයතනයන්හි වැඩකරන පැය ප්‍රමාණය අවම මට්ටමක පැවතිය ද ප්‍රාග්ධන වෙළෙඳපොළ ක්‍රියාකාරිත්වය අතින් ශ්‍රී ලංකාව ලෝකයේ දෙවැනි ස්ථානයට පැමිණ තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මහතා ප්‍රකාශ කරයි.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කෙළේ ඊයේ (15) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට සහභගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් පළකළ නීතිඥ මධුර විතානගේ මහතා මෙසේද පැවසීය.
ගෝලීය වසංගතය තුළ වුව ද ආයෝජකයන් විශ්වාසයෙන් යුතුව අපේ රටේ ආයෝජන කරන්න කටයුතු කර තිබෙනවා. වත්මන් ආණ්ඩුව පොලි අනුපාතය පහළ දැමීම තුළ ආයෝජකයන් ආයෝජනය සඳහා පෙළඹී සිටිනවා. දැන්වත් කයිවාරු නොගහා මේ තත්ත්වය තේරුම් ගන්නා ලෙස විපක්ෂයේ ආර්ථික ඔස්තාර්ලාට කියන්න කැමැති.
අද අපට දේශපාලන සහ ආර්ථික වශයෙන් ඉතාම වැදගත් දවසක්. උතුරු නැඟෙනහිර දෙමළ අන්තවාදීන්ගේ ආධිපත්‍යය මුලිනුපුටා දමන වැඩසටහන් රැසක් මේ වනවිට ජනතාව අතරින් මතුව තිබෙනවා. දෙමළ ජාතික සන්ධානය ප්රමුඛ දෙමළ දේශපාලන ව්‍යාපාරය පසුගිය කාලය පුරාම ජනතාවගේ ප්‍රශ්න විකුණා ගෙන තමන්ගේ පවුල් පෝෂණය කළා මිස රටට යහපත් දෙයක් කෙළේ නැහැ. පළාත් පාලන ආයතනවලත් අද වනවිට විශාල නොසන්සුන්තාවයක් තිබෙනවා.
වසර 25කට ආසන්න කාලයක් දෙමළ ජාතික සන්ධනය බලය හිමිකරගෙන තිබුණ උප්පුවේලි, කඩවත් සතර ප්‍රාදේශීය සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අත්කර ගෙන තිබෙනවා. ඒක අපි බලයෙන්, මුදල් ගෙවා ලබාගත් එකක් නොවේ. මන්ත්‍රීවරු අතර තිබුණු එකමුතුකමින් මේ ජයග්‍රහණය ලබාගෙන තිබෙනවා. ඔවුන් තේරුම් ගෙන තිබෙනවා යායුතු ගමන. අන්තවාදී දේශපාලන කණ්ඩායම සමඟ යායුතු නැතැයි තේරුම් ගෙන තිබෙනවා. ලෝකයේ ප්‍රකට ආයතනයක් වන බ්ලූම්බර්ග් ආයතනයේ වෙබ් අඩවිය දර්ශක ඉදිරිපත් කර තිබෙනවා. පසුගිය දිනවල විවිධ දර්ශක යොදා ගෙන විපක්ෂය විවිධ චෝදනා එල්ල කළා. දැන් තිබෙන තත්ත්වය අපි දන්නවා. ගෝලීය වසංගතයක්, දැඩි සංචරන සීමා තිබෙනවා. වැඩ කරන පැය ගණන අවම වී තිබෙනවා.
වැඩකරන පැයවලින් සියයට 40ක් 50ක් ධාරිතාවයකින් තමයි අපි අද වැඩ කරන්නේ. එහෙම තියාගෙන ලෝකයේ ප්‍රාග්ධන වෙළෙඳපොළ ක්‍රියාකාරිත්වය අතින් ශ්‍රී ලංකාව ලෝකයේ දෙවැනි ස්ථානයට පැමිණ තිබෙනවා. අද වනවිට කොළඹ කොටස් වෙළෙඳ පොළ සියයට 3.5 ක වර්ධනයක් පෙන්වනවා. පසුගිය සති දෙකේ දී දෛනික පිරිවැටුම රුපියල් බිලියන 5 ඉක්මවා ගොස් තිබෙනවා. මේ සියල්ල ගත්විට ගෝලීය වසංගතය තුළ වුව ද ආයෝජකයන් විශ්වාසයෙන් අපේ රටේ ආයෝජනය කරන්න පියවර ගෙන තිබෙනවා. පසුගිය කාලයේ යහපාලන ආණ්ඩුව සමයේ ඉහළ පොළී අනුපාතයක් තිබුණා. නමුත් වත්මන් ආණ්ඩුව පොළී අනුපාතය පහළ දැමීම තුළ ආයෝජකයන් ආයෝජනය සඳහා පෙළඹී සිටිනවා. එය විශේෂිත තත්ත්වයක්. කොළඹ කොටස් වෙළෙඳ පොළ අද ලෝකයේ දෙවැනි ස්ථානයට පැමිණීම සම්බන්ධයෙන් අපිට ආඩම්බර වෙන්න පුළුවන්.
ඇතැම් සමාගම් තමන්ගේ කොටස් හිමියන්ට ඉහළ ලාබාංශ ලබා දුන්නා. ඇතැම් කාලවල දෛනික පිරිවැටුම රුපියල් බිලියනයට වඩා අඩු මට්ටමක පැවතියා. නමුත් අපි කියන්න කැමැතියි කයිවාරු ගහන ආර්ථික ඔස්තාර්ලාට දැන්වත් කයිවාරු නොගහා ඉන්න කියලා. මේ සමාජයට බොරු කියලා වැඩක් නැහැ. ජනතාව ඇත්ත දන්නවා. කොරෝනා වසංගතය තුළ ඔවුන්ගේ එකම කරුණ වන්නේ මොකක් ද ?. මේ කොරෝනා වලින් ජනතාව බේර ගන්න හැකි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළයුතුයි කියලා කවදාවත් කියන්නේ නැහැ. ඔවුන් ප්‍රාර්ථනා කරන්නේ කීයක් හෝ වැඩිපුර මැරෙන්න ඕනෑ කියලා. මේ රට විනාශ වෙන්න ඕනෑ. ආර්ථිකය කඩා වැටෙන්න ඕනෑ කියලයි. ඒ නිසා මේ කල්ලියේ බලාපොරොත්තු ජනතාව තේරුම් ගෙන ඉන්නවා. ඔවුන් සාමාන්‍ය මානසිකත්වයෙන් වැඩකරන බවක් පෙන්නේ නැහැ. මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා තමයි ඔවුන් හැසිරෙන්නේ. ජනාධිපතිතුමා විනිවිද භාවයෙන් කටයුතු කරගෙන යනවා.
නියමිත පරිදි වැඩ කරනවා. ඒ නායකයා සමඟ අපිට හොඳින් වැඩ කරන්න පුළුවන්. අපිට තුනෙන් දෙකක බලයක් තිබුණා කියලා කිසිඳු වේලාවක ජනතාවට අගතියක් සිදුවන, රටට හානියක් වන කිසිවක් කරන්නේ නැහැ. ජනතාව ලොකු විශ්වාසයකින් අපිව පත්කර තිබෙන්නේ. ඒ නිසා ඒ කටයුතු එලෙසින්ම කරනවා. මේ ගෝලීය වසංගතය තුළ අපේ රට ආර්ථික වශයෙන් ඉදිරියට යනවා කියන්නේ එහි ප්රතිලාභ සෘජුව හා වක්‍රව අපේ සමාජයට ලැබීමයි. අද ගම සමඟ පිළිසඳර වැඩසටහන තුළින් ගම් 14000ක් සංවර්ධනය කරනවා. මේ වසංගතය අභියෝගයක් නොකර මනා කළමනාකරණයකින් රට ඉදිරියට ගෙන යන්න අපි කැප වෙනවා.දුජන පෙරමුණට පක්ෂව සිය ඡන්දය භාවිත කළහ.