Colombo Today Local News

කටුනායක ගුවන්තොටුපොළ ආරක්ෂාවට සුනඛ කණ්ඩායමක්

කටුනායක බණ්ඩාරනායක ජාත්යයන්තර ගුවන්තොටුපොළ ආරකෂක තත්වය තවදුරටත් තහවුරු කිරීම සදහා 20 දෙනෙකුගෙන් යුත් පුහුණුව ලත් සුනඛ කණ්ඩායමක් යෙදවීමට සිවිල් ගුවන්සේවා අධිකාරිය පියවර ගෙන තිබේ.

එම සුනඛයින් ආරක්ෂක පිරික්සුම් මෙහෙයුම් කටයුතු සඳහා නිල වශයෙන් යෙදවීම අද (15) දින සිදු කෙරිණි.

රාජකාරි ඇරඹීට පෙර මෙම සුනඛයින් අන්තරායකර ඹෟෂධ පාලන මණ්ඩලය විසින් පවත්වන ලද ප්‍රයෝගික පරීක්ෂණයකටද මුහුණ දුන් බවත්, ඒ අනුව මෙරටදී එවැනි පරීක්ෂණයකට බදුන් වූ පළමු අවස්ථාව මෙය බව ද සිවිල් ගුවන් සේවා අධිකාරිය කියා සිටී.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන්තොටුපොල ආරක්ෂක තත්ත්වය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුනින්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සුනඛ බලකාය තවදුරටත් ශක්තිමත් කිරීමට සිවිල් ගුවන්සේවා ආරක්ෂක කමිටුවේ දී, ගත් තීරණයට අනුව මෙම විශේෂ වර්ගයේ සුනඛයන් 20 දෙනා එම බලකායට මෙයට මාස කිහිපයකට පෙර එක්වූ අතර ඒ සඳහා රුපියල් මිලියන 22 ක් වූ මූල්‍ය සහාය ලබාදී ඇත්තේ ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය විසිනි.

ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය විසින් හඳුන්වාදී ඇති ගුවන් ආරක්ෂාව සම්බන්ධයෙන් වන රෙගුලාසීන් නිසි පරිදි ක්‍රියාවේ යෙදවීම අතින් ශ්‍රී ලංකාව කලාපීය වශයෙන් නිරන්තරයෙන් ඉදිරියෙන්ම සිටිමින් කටයුතු කරනු ලබන අතර එම තත්වය තවදුරටත් ඉහළ නැංවීම වෙනුවෙන් මේ අයුරින් පුහුණුව ලත් සුනඛයන් කණ්ඩායමක් යෙදවීමට එම අධිකාරිය පියවර ගෙන ඇත.

ගුවන් භාණ්ඩ ලෙස සහ ඇතැම් මගීන් විසින් රැගෙන යනු ලබන ගමන් මලුවල රහසිගත ලෙස රැගෙන යා හැකි පුපුරණ ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය පහසුවෙන් හඳුනාගත හැකි වන පරිදි මෙම සුනඛයින්ට විශේෂ පුහුණුවක් ලබා දී ඇත්තේ අස්ගිරිය ශ්‍රී ලංකා පොලිස් පුහුණු පාසලේදී ය.

මෙම සුනඛ කණ්ඩායම ආරක්ෂක පිරික්සුම් මෙහෙයුම් සඳහා අවශ්‍ය පුහුණු කටයුතු නිමකර විසිර යාමේ උත්සවය පසුගිය දා කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණ.

Related posts

ප්‍රවාහන අමාත්‍යාංශයේ මහා වංචාවක් ? ටෙන්ඩර් නැතිවම දුම්රිය මැදිරි 160ක් ගන්න යයි

colombotoday

පෞද්ගලික අංශයට 2500ක වැටුප් වර්ධකයක් ළගදීම?

colombotoday

නියෝජ්‍ය නගරාධිපති නියාස් වලලන්න ඉල්ලා බැණ තර්ජනය කිරීම. | ගාල්ලේ සෞඛ්‍ය නිලධාරීහු වෘත්තිය ක්‍රියාමාර්ගයකට සැරසෙති.

colombotoday

කොළඹට එන සියලු දෙනාට මුඛ ආවරණ පළඳින්නැයි ඉල්ලයි

colombotoday

“රනිල් අගමැතිකම් කරන ආණ්ඩුවක ඇමතිකම් එපා“ කියා සුසිල් ප්‍රේමජයන්ත විදේශගතවෙයි !!

colombotoday

පොදු සතුරාට එරෙහිව සෝමවංශ – වීරවංශ දෙබෑයෝ එක මගේදී යළි හමුවෙයි.

colombotoday