World

ඉන්දුනීසියාවේ භුකම්පනයක්. 30 ක් මරුට

ඉන්දුනීසියාවේ සුලවේසි දූපත ආසන්නයේ අද(15) උදෑසන සිදුවූ රිච්ටර් මාපාංක 6.2ක ප්‍රබල භූ කම්පනයකින් 30දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.

කම්පනයෙන් සිදුවූ අනතුරු හේතුවෙන් සිය ගණනක් තුවාල ලබා ඇති බවත් දහස් ගනනක පිරිසක් අවතැන්වී ඇති බවත් සඳහන් වේ.

මාමුජු නගරයේ රෝහලක කොටසක් කඩා වැටීමෙන් රෝගීන් හය දෙනකු සහ ඔවුන්ගේ පවුල් වල කිහිපදෙනකු සිරවී සිටින බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබේ.

භූ කම්පනයේ කේන්ද්‍රය මැජීන් නගරයට කිලෝමීටර් හයක් ඊසාන දෙසින් හා කිලෝමීටර් 10ක් ගැඹුරින් විය.

සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති නමුත් දහස් ගනන් පිරිස් සිය නිවාස අතහැර පලාගොස් ඇති බව වාර්තා වේ.

ප්‍රාදේශීය වාර්තා පවසන්නේ ආණ්ඩුකාර කාර්යාලය හා වෙළඳ සංකීර්ණයක් දරුණු ලෙස හානියට පත්ව ඇති බවයි.

සුන්බුන් වලට යටවී තවත් පිරිස් සිටිය හැකි බවටත් මියගිය සංඛ්‍යාව ඉහලයා හැකි බවටත් බලධාරීහු පවසති.

ප්‍රබල පසු කම්පන ආතිවිය හැකි බවට ද ඔවුන් අනතුරු අඟවා තිබේ.

Related posts

තුන් හැවිරිදි අයියාගේ වෙඩි පහරින් නැගණිය මිය යයි

Admin

UPDATE : ට්‍රම්ප් ඉදිරියට.. හිලරිගේ ගැහැණුන් අඩ නිරුවතින් යකා නටයි

colombotoday

අමෙරිකානු ජනපති ජෝ බයිඩන්ගේ බලතල පළමුවරට කාන්තාවකට

colombotoday

ගෝලීය ත්‍රස්තවාදියා ජයිෂ්-ඊ-මොහොමඩ් ප්‍රධානී මසූඩ් අසාර්ට වරෙන්තු

colombotoday

ලෝක බලවතා පලිගැනීමේ සැලසුමක

Admin

“ඇෆ්ගන් රෝහලට පහරදීම යුධ අපරාධයක් නොවේ.. තාක්ෂණික දෝෂයක්” ඇමරිකාව කියයි

colombotoday