Colombo Today Local News

හිමිනමගෙන් කෝටි 2ක් ඉල්ලා පුත්තලම දිසා ලේකම් එන්තරවාසියක් යවලා

සමාජ මාධ්‍ය ජාලා උපයෝගී කරගෙන තමන්ට විරුද්ධව වැරැදි තොරතුරු සමාජ ගත කිරීම මගින් සිදුවී ඇති අපහාසයට සහ පීඩාවට වන්දි ලෙස රුපියල් ලක්ෂ 200ක මුදලක් ගෙවන ලෙස පුත්තලම දිසා ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර නීතිඥයකු මගින් ස්වාමීන් වහන්සේ නමකට එන්තර වාසියක් යවා ඇත.

නීතිඥවරයා මෙම එන්තරවාසිය යවා ඇත්තේ මාම්පූරිය – දළුව ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන මිගෙට්ටුවත්තේ සුමිත්ත නම් ස්වාමීන් වහන්සේටය.

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට නිසි පටිපාටියකින් තොරව රජයේ ඉඩම් ලබා දීමට සුදානම් වන බව සහ සෙල්ලන්කන්දල් රක්ෂිතය වැනසීමට දිසා ලේකම්වරයා කටයුතු කරන බව සඳහන් කරමින් ඡායාරූපද සහිතව පසුගිය නොවැම්බර් මස 8 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී මුහුණු පොතෙන් මෙම ප්‍රචාරයන් කර ඇතැයි නීතිඥවරයා එම ස්වාමින් වහන්සේට යවා ඇති එන්තරවාසි​යේ සඳහන් වේ.

කීර්තිමත් රාජ්‍ය සේවකයකු වන තම සේවාදායකයාට මේ මගින් අපහාසයකට, අපහසුතාවට මෙන්ම ලජ්ජාවට පත්වීමට සිදුව ඇති බවද ඒ අනුව සිදුවී ඇති හානිය වෙනුවෙන් දින 14 ක් ඇතුළත රුපියල් ලක්ෂ 200 ක මුදලක් ගෙවීමට අපොහොසත් වුවහොත් නීති මගින් කටයුතු කරන බවද නීතිඥවරයා එහි සඳහන් කර ඇත.

Related posts

මහින්ද රාජපක්ෂ අගමැති කිරීම ව්‍යවස්ථා විරෝධී නෑ… එංගලන්තෙත් ඔහොම දේවල් වෙනවා – නෙස්බි සාමි

colombotoday

ජවිපෙ අමුඩකාරයන් කොළඹ වෙළෙන්දන් මිස ගොවියන් නොවෙයි-රවී [Video]

colombotoday

ප්‍රසන්න රණවීරට ඇප

colombotoday

ඇමති රාජිතගේ ඇවන්ට්ගාර්ඞ් ගනුදෙනුවේ ඇතුල් පැත්ත

colombotoday

ආණ්ඩුවේ වැඩත් නිකන් පෙට්ටි කඩේ බිස්නස් වගේ!

Admin

මන්ත්‍රීවරුන්ට අළුත් වාහන ඕන.. වැයවෙන්නේ ඉතා සුළු මුදලයි

colombotoday