Colombo Today Local News

PHIට බාධා කරමින් අසභ්‍ය වචනවලින් බැනවැදුනු තිදෙනෙකුට වුන දේ..

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කරමින් අසභ්‍ය වචනවලින් බැනවැදුනු පුද්ගලයන් තිදෙනෙකු වැල්ලවාය පොලිසිය විසින් ඊයේ (11)දින අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය (10)වන දා වැල්ලවාය යාලබෝව ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත පුද්ගලයන් සිව්දෙනෙකු වාර්තා වූ අතර එම පුද්ගලයන්ගේ ආශ්‍රිතයින් සොයා වැල්ලවාය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සොයාබැලීමක් සිදුකරමින් සිටින අතරතුර මෙම බාධාකිරීම සිදුවී ඇත.

වැල්ලවාය බස් නැවතුම්පොළේ දී වෙළෙඳසැළක එම ආශ්‍රිතයින් සිටීම නිසා එම ස්ථානයට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගොස් ඇති අතර එහිදී එම ස්ථානයේ මෙම පුද්ගලයන් තිදෙනා මුහුණු ආවරණ ද නොමැතිව ගැවසී තිබේ.

පසුව ඔවුන්ට මුහුණු ආවරණ පළදින ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දැනුම් දී ඇති අතර එහිදී එම පුද්ගලයින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත අසභ්‍ය වචනයෙන් බැන වැදී තර්ජනය කර ඇති බව වාර්තා වේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් වැල්ලවාය පොලිසියට සිදුකළ පැමිණිල්ලක් අනුව සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන් අද (12) දින වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

අද තෙල් පෝලිම්වල මරණ 2ක්

colombotoday

රටේ මත්පැන් බලපත්‍ර හිමි අයගෙන් සියයට 45ක් කාන්තාවන්

colombotoday

රිෂාඩ්ගේ පක්ෂයෙන් මන්ත්‍රී වූ මුෂාරෆ් රාජ්‍ය අමාත්‍යධුරයක දිවුරුම් දෙයි

colombotoday

ආර්ථික කොරිඩෝව පරාක්‍රමබාහු රජතුමාගේ යෝජනාවක්.. ඇමරිකාව සමග MCC ගිවිසුම ගසා අපි ක්‍රියාත්මක කරන්නේ එම යෝජනාවයි !

colombotoday

ශ්‍රී ලංකාවෙ පළමු ඔමික්‍රෝන් ආසදිතයා හමුවෙයි

colombotoday

ඔමික්‍රොන් ආසාදියන්ගේ පවුල්වල සාමාජිකයින්ටත් කොරෝනා

colombotoday