Covid 19

සතියක් තුළ මුහුණු ආවරණ නොපැලඳි 2,334කට පී.සි.ආර්.සහ රැපිඩ් පරීක්ෂණ.

ගත වු සතියක පමණ කාලය තුළ බස්නාහිර පළාතේ මුහුණු ආවරණ නොපැලඳි පුද්ගලයින් 2,334 දෙනෙකු පී.සි.ආර්.සහ රැපිඩ් පරීක්ෂණ සඳහා යොමුකර ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (11) දිනය තුළ ද පුද්ගලයින් 121 එම පරීක්ෂණ සදහා යොමුකෙරුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

ඒ අනුව එම පරීක්ෂණවලින් මේ දක්වා ලැබී ඇති ප්‍රතිඵල මත පුද්ගලයින් 46 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වී තිබේ.

එම ආසාදතයින්ගේ සමීප ආශ්‍රිතයින් මේ වන විට නිරෝධායනය සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

මේ අතර ඔක්තෝබර් 30 සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීතීන් උල්ලංඝනය කළ පුද්ගලයින් 2,438 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

බුස්සේ රැඳවියන්ට කල පිසීආර් 69කින් 60ක් ආසාදිතයින්

colombotoday

ආසාදිතයින් 229ක් හඳුනාගැනේ

colombotoday

ඊයේ ‍තවත් කොවිඩ් ආසාදිතයින් 13ක් හදුනා ගනී

Admin

මනාලියට කොවිඩ්: මනාලයා නිරෝධායනයට

colombotoday

කොවිඩ් ආසාදිතයින් 109ක්

colombotoday

වරායේ සේවකයන් දෙදෙනකුට කොරෝනා.. පැත්තක් වසා දමයි

colombotoday