Covid 19

හකීම් සමීපව ඇසුරු කළ මන්ත්‍රීවරු 10 ක් හඳුනා ගනී.

කොවිඩ් නයින්ටින් ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී සමීපව ඇසුරු කළ මන්ත්‍රීවරුන් 10 දෙනෙකු මේ වන විට හඳුනාගෙන තිබේ.

පාර්ලිමේන්තුවේ ප්‍රධාන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ සී.සී.ටී.වී දර්ශන පරික්ෂා කිරීමෙන් පසු එම මන්ත්‍රීවරුන් හඳුනාගෙන ඇති බවය.

පසුගිය 5 වන දින පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරල යන අය රවුෆ් හකීම් මන්ත්‍රීවරයා සමඟ පාර්ලිමේන්තුව තුළ සමීපව සිට ඇත.

ඊට අමතරව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන්, සාන්‍යකියන් රාසමානික්කම් යන මන්ත්‍රීවරුන් දෙදෙනාද රවුෆ් හකීම් මන්ත්‍රීවරයා සමඟ සමීපව කතාබහේ නිරත වී ඇති බව වාර්තා වේ.

ඊට අමතරව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු පසුගිය සිකුරාදා දිනයේ රවුෆ් හකීම් මන්ත්‍රීවරයාගේ නිවසට ගොස් ඇති අතර තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු රවුෆ් හකීම් මන්ත්‍රීවරයා ආසන්නයේ රැඳී සිට ඇත.

පාර්ලිමේන්තු කාර්යමණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු ද රවුෆ් හකීම් මන්ත්‍රීවරයා සමීපයේ සිටීම හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු කරන ලෙස උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, අදාළ මන්ත්‍රීවරුන්ට ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස දැනුම් දී ඇති අතර ඔවුන් පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු වන ලෙස දැනුම් දී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට අද පෙරවරුවේ තහවුරු වූ අතර ඔහු ඒ පිළිබඳව සිය ට්විටර් ගිණුමේ ද සටහනක් තබා තිබුණි.

Related posts

ඉන්දියාවේ මන්ත්‍රීවරුන් 25කටත් කොරෝනා

colombotoday

ඊයේ දින වැඩිම මරණ ගණන ඉන්දියාවෙන්

colombotoday

කන්දකාඩුවේ ආසාදිතයන් ඇසුරු කළ 60 ක් නිරෝධායනයට

colombotoday

අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන් 37දෙනෙකුට කොවිඩ්

colombotoday

දරුණු විකෘතිතා සහිත නවතම කොවිඩ් ප්‍රභේදයක් හමු වෙයි

colombotoday

ගල්ගමුව රෝහලේ ගැබිනි වාට්ටුවේ පවුල් සෞඛ්‍යය සේවිකාවන් දෙදෙනෙක්ට කොරෝනා

colombotoday