Business

මාස දෙකක් තුළ ECT පර්යන්තයෙන් කෝටි 32ක ආදායමක්.

මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය (ECT) ස්ථාපිත කර වැඩ ආරම්භ කර ගෙවුණු මාස දෙක තුළ පමණක් එහි බහලුම් ගොඩ බෑම හා පැටවීමෙන් රුපියල් කෝටි තිස් දෙකක (32) ලාභයක් වරාය අධිකාරියට ලැබී ඇත. ඒ නැව් විසි අටක මෙහෙයුම් කටයුතුවලදීය.

පසුගිය වසරේ ඔක්තෝම්බර් 27 දින නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතුද ආරම්භ කළ අතර පසුගිය දෙසැම්බර් 28 දින වන විට එම නැව්වල මෙහෙයුම් කටයුතු සිදු කර ඇත.

ඊට අමතරව වරායට පිවිසුම් ගාස්තු, ටග් යාත්‍රා ගාස්තු, නැවේ බර අනුව අය කරන ගාස්තු ආදි අයකිරීම්වලින්ද විශාල මුදලක් උපයා තිබේ.

එම ජැටිය ඉදිකිරීමෙන් පසුව ජපානය හා ඉන්දියානු සමාගම් දෙකකට පැවරීමට අදාළ මූලික එකඟතාවක් පසුගිය රජය සමයේ දී තිබී ඇති අතර ඊට වෘත්තීය සමිති දැඩි විරෝධයක් එල්ල වීය. එහෙත් පසුගියදා අගමැති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී පැවසුවේ එවැනි කිසිදු තීරණයක් වත්මන් රජය ගෙන නොමැති බවයි.

Related posts

මිල උස්සන්න Global Trading And Company සඟවා තැබූ සීනි ටොන් 4800 ක් සීල් තබයි

colombotoday

කොටස් වෙළෙඳපොලේ ගනුදෙනු නවතයි

colombotoday

ලංකාවේදී බොරතෙල් පිරිපහදු කර බංග්ලාදේශයට තෙල් යවන්න ඉන්දියාව මාන බලයි

colombotoday

ශ්‍රී ලංකා රුපියලේ අගය වාර්තාගත ලෙස පහළ යයි.

colombotoday

සල්ලි අච්චු ගැසීම ගැන මහ බැංකු අධිපතිගෙන් අනාවරණයක්

Admin

ඩොලරය නැවතත් රු 177 පසුකරයි…

colombotoday