Colombo Today Local NewsUncategorized

119 අවභාවිත කළ අයෙකුට වැඩ වරදි

පොලිස් හදිසි ඇමතුම් අංකය වන 119 අමතා ව්‍යාජ තොරතුරු ලබාදී පොලීසිය නොමග යැවූ පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.

පෙරේදා (5) දිනයේ අදාළ පුද්ගලයා විසින් එම අංකය අමතා ලබාදී තිබූ තොරතුර ව්‍යාජ එකක් බවත් ඔහු විසින් පොලීසිය නොමග යැවීමේ චේතනාවෙන් එම තොරතුර ලබාදී තිබූ බවත් ඒ සම්බන්ධයෙන් සිදු කෙරුණු විමර්ශනවලින් අනාවරණය වී ඇත.

අදාළ පුද්ගලයා දෙහිවල කල්දේරා පාර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙකි.

ඔහු දීර්ඝ කාලයක් අමෙරිකාවේ සහ ඉරානයේ පදිංචිව සිට මෙරටට පැමිණ සිටින ලාංකිකයෙකි.

අත්අඩංගුවට ගැනීමෙන් පසු සැකකරු අධිකරණයට ඉදිරිපත් කර ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Related posts

වියළි කලාපයේ ගොවීන් ලක්ෂ දෙකකට නොමිලේ යූරියා

Admin

රාජිත තවත් අනාවරණයක් කරයි.. මේ පාර සිංහලේ රැල්ල ගැනයි

colombotoday

රුපියල් 50 000 කොන්ත්‍රාතුවට චෛත්‍යය ඩෝසර් කරන්නේ කවුද ?

colombotoday

දන්සලක් දී මත්පැන් සාදයක් දැමුවාට එරෙහි වූ අයෙක්ට පොරවකින් කොටලා

Admin

ප්‍රවීණ ටෙලිනාට්‍ය රංගන ශිල්පි ජී. ආර් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

Admin

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

Admin