Colombo Today Local News

සිදුවිය හැකි ජෛව අවි ප්‍රහාර වළක්වා ගැනීමට සැලසුම් රැසක්

සිදුවිය හැකි ජෛව අවි ප්‍රහාර වළක්වා ගැනීම සඳහා රජය පියවර රැසක් ගෙන ඇති බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් චමල් රාජපක්ෂ මහතා මේ බව පවසා තිබේ.

කොරෝනා වෛරසය ජෛව අවියක් ලෙසද ආරම්භයේදී සාකච්ජා වූ බවත්,මෙවැනි ජෛව අවි ප්‍රහාර වළක්වා ගැනීමට රටක් ලෙස පූර්වයෙන් කටයුතු කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසයි.

ජෛව අවි භාවිතය ලෝකයේ එකඟතාවය මත තහනම් වුවද, විවිධ දේශපාලන සහ වෙළඳ උපක්‍රම සඳහා රහසිගතව තවමත් භාවිත කරන බවත්, ශ්‍රී ලංකාව ඇතුළු ඌන සංවර්ධිත රටවල් මෙම ජෛව අවි අත්හදා බැලීම් සඳහා ඉලක්ක වීමේ ඉඩක් පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන් අතර ඇතැම් තොරතුරු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ නොහැකි බව පිළිගන්නා බව පැවසූ මන්ත්‍රීවරයා මෙය සුළුකොට නොතැකිය යුතු බවද කියා සිටියා.

ජාත්‍යන්තර සම්මුතින් ආරක්ෂා කරගනිමින් මෙරට තුළ සිදුවිය හැකි ජෛව අවි ප්‍රහාර වළක්වා ගැනීම සඳහා සැලසුම් රැසක් ක්‍රියාත්මක කර ඇති බව ද අමාත්‍ය චමල් රාජප්කෂ මහතා මෙහිදී අවධාරණය කර සිටියා.

Related posts

පොලිසිය කියන්නෙ බොරු.. පිළිගන්න එපා – ඇප ලබා පැමිණි ලාල්කාන්ත කියන දේ

colombotoday

ශ්‍රීලනිපය මොනව කීවත් විධායක ජනපති ධූරය අහෝසි කරනවා – අජිත් පී පෙරේරා

colombotoday

සිංහලයන් ගොනාට ඇන්දූ, බදුර්දීන්ගේ මරිච්චකට්ටුවේ මරිසිය

colombotoday

අත්අඩංගුවට ගත් ජේලර් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

colombotoday

විපක්ෂනායක මහින්දට ජවිපෙන් පැසසුම්

colombotoday

පරිසර ලොක්කො ජනපති අන්දලා.. රුසියාවේදී අත්සන් කල විල්පත්තු ගැසට් එක අමු ප්‍රෝඩාවක් !

colombotoday