Colombo Today Local News

මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීමට සහතික මිලක්

මහ කන්නයේ වී අස්වනු වී අලෙවි මණ්ඩලය විසින් සහතික මිලට, මිලදී ගැනීමට කටයුතු සම්පාදනය කර තිබෙනවා.

ජනවාරි මස දෙවන සතියේ සිට 2020/21 මහ කන්නයේ වී අස්වනු නෙලීම ආරම්භ වීමට නියමිත බැවින් වී සඳහා අනපේක්ෂිත මිල පහළ යාම අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව ,

ප්‍රමිතිගත නාඩු වී, තෙතමනය 14%ක් සහිත වී කිලෝග්‍රෑමයක් රුපියල් 50 බැගින්ද, තෙතමනය 14% -22% සහිත වී කිලෝග්‍රෑමයක් රුපියල් 44 බැගින්ද මිලදී ගැනීම,

ප්‍රමිතිගත සම්බා වී,තෙතමනය 14%ක් සහිත වී කිලෝග්‍රෑමයක් රුපියල් 52 බැගින්ද, තෙතමනය 14% – 22% සහිත වී කිලෝග්‍රෑමයක් රුපියල් 46 බැගින් ද මිලදී ගැනීම,

පොහොර සහනාධාරය ලබන සුළු හා මහා වාරිමාර්ගවල ගොවීන්ගෙන් වගා කරන බිම් ප්‍රමාණය අනුව අවම වශයෙන් හෙක්ටයාර 1 – 1.5 අත්යර වන ගොවීන්ගෙන් කිලෝග්‍රෑම් 1000 බැගින්ද හෙක්ටයාර 1.5 ට වැඩි සහ 2 දක්වා ගොවීන්ගෙන් කිලෝග්‍රෑම් 1500 බැගින්ද වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

Related posts

රන්දිය උයන නිවාස සංකීර්ණය අසල වෙඩිතැබීමෙන් බඩා රංජි මරුට

Admin

හිටපු පාසල් ක්‍රිකට් විනිසුරුවරයෙකුගේ මළසිරුර දින තුනකට පසු හමු වෙයි

Admin

ශ්‍රී ලංකාවේ විශාලතම ස්වර්ණාලේපිත ලෝකඩ බුද්ධ ප්‍රතිමා වහන්සේ කැළණියේදී සසුනට පූජා කෙරේ

colombotoday

ජනපති මහ බැංකු නිලධාරීන්ට දුන් පැය 24ක කාලයේදී සංචිත අනුපාත පහල දමයි.. වෙළදපලට සම්පූර්ණ වශයෙන් බිලියන150ක්

colombotoday

මාධ්‍ය ප්‍රධානී හමුව හදිසියේ අවලංගුයි..

colombotoday

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප ඉහළට

colombotoday