Colombo Today Local News

ආදාහනයද භූමිදානයද යන්න නිර්දේශ කිරීමට රාජ්‍ය ඇමති සුදර්ශිනී විශේෂඥ කමිටුවක් පත්කර නෑ |කොවිඩ් 19 පාලනය කිරීමේදී සැමවිටම විද්‍යාත්මක ක්‍රමවේදයක සිට විසදුම් සෙවිය යුතුයි.

ඇතැම් විද්‍යුත් සහ වෙබ් මාධ්‍ය මගින් වාර්තා කල පරිදි කොවිඩ් මරණ ආදාහනයද භුමීදානයද යන්න නිර්දේශ කිරීම සදහා ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් විශේෂඥ කමිටුවක් පත්කර ඇති බවට ගෙන යන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.

කොවිඩ් 19 පාලනය කිරීමේදී සැමවිටම විද්‍යාත්මක ක්‍රමවේදයක සිට විසදුම් සෙවිය යුතු බවත් ආගම, ජාතිය, දේශපාලනය, සමාජ මතවාද, මිත්‍යා මතවාද මත පදනම්ව කිසිවිටෙක තීන්දු තීරණ නොගත යුතු බවත් වෛරස් රෝග සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී තහවුරු කරන ලද කරුණු මත පමණක් පදනම්ව තීරණ ගැනීම යෝග්‍ය වන බව අමාත්‍යවරිය පෙන්වාදෙයි.

කොවිඩ් මරණ සම්බන්ධයෙන් ක්‍රියාකල යුතු ආකාරය පිළිබදව දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් උපදෙස් මාළාවක් නිකුත් කර ඇති අතර කොවිඩ් 19 සම්බන්ධයෙන් මුල්කාළීනව පැවැති වෛද්‍ය විශේෂඥ මතයන් විටින් විට වෙනස්විය හැකි බැවින් වෛරසයේ හැසිරීම අනුව එවැනි මතයන් ඉදිරිපත් විය හැකිය.

එවැනි තත්වයන් පිළිබදව අධ්‍යනය කර තමන් වෙත විශේෂඥ මතයන් ඉදිරිපත් කරන ලෙස වෛරස් විශේෂඥයින්, වෛද්‍ය විශේෂඥයින් වෙත අමාත්‍යවරිය විසින් දන්වා ඇති නමුත් කොවිඩ් මරණ ආදාහනය කිරීම හෝ භුමිදානය කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා වෙනත් කිසිදු කමිටුවක් අමාත්‍යවරිය විසින් පත්කර නොමැති බව තවදුරටත් එම අමාත්‍යංශය සදහන් කරයි.

Related posts

අලුත් ව්‍යවස්ථාවක් එපා.. රණවිරුවන්ට දඩුවම් කරන පනතත් එපා ! ත්‍රෛනිකායික මහානාහිමිවරු ඒකමතිකව තීරණය කරති

colombotoday

කොරියාවෙන් ආ 180ක් මඩකලපුව ශරියා නිරෝධායන මධ්‍යස්ථානයට

colombotoday

“බොදු උරුමය බෞද්ධයන්ගෙන් වෙන් නොකරනු” – ශ්‍රීපාදය අඹගමුවෙන් වෙන් කිරීමට එරෙහිව විරෝධතා

colombotoday

මඩකලපුවේ අමීර් අලීගේ වනසංහාරක ගෝලයෝ නඩු නැතිවම නිදහස්.. එකම රටක්, ඇයි නීති දෙකක් !

colombotoday

සජබ ට සහය වූ වලල්ලාවිට මන්ත්‍රී කණ්ඩායමත් නැවත එජාපයට එක් වෙයි

colombotoday

“සැත්කමෙන් පසු පුද්ගලික රෝහලකට ගෙන ගියේ ඇයි“ – නාහිමි අපවත්වීම ගැන විශේෂඥ වෛද්‍යවරයෙක් සැක මතුකරයි

colombotoday