Colombo Today Local News

මාතලේ මහ රෝහලේ වාට්ටුවකුත් වැසේ

මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ 12 වාට්ටුව අද (31)දිනයේ සිට තාවකාලිකව වසා දමා එම වාට්ටුවේ රෝගීන් වෙනත් වාට්ටුවකට යොමු කර එම වාට්ටුව විෂබීජ හරණය කිරීමට පියවර ගෙන ඇතැයි මාතලේ දිස්ත්‍රික් රෝහල් අධ්‍යක්ෂක අසේල දිසානායක මහතා පැවසීය.

ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකුට හා රෝහලේ පිරිසිදු කරනු ලබන පුද්ගලයෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

මීට දින දෙකකට පෙර (29) දින මාතලේ රෝහලේ රෝගියෙකු අසළ නැවතී ඔහුට සාත්තු සේවය කරමින් සිටි කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලයෙකු කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. ඒ සමග රෝහල් කාර්ය මණ්ඩලය හා රෝගීන් පී.සී.ආර්. පරීක්ෂාවට ලක්කර ඇති අතර, එහිදී සාත්තු සේවයේ යෙදී සිටි පුද්ගලයා, සේවය ලබා දුන් රෝගියා හා රෝහලේ පිරිසිදු කිරීමේ නියුතු වු සේවකයෙකු කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් එම පුද්ගලයින් දෙදෙනා මහනුවර දිගන කොරෝනා රෝගින්ට ප්‍රතිකාර කරනු ලබන රෝහල වෙත යොමු කර තිබේ.

තාවකාලිකව වසා දමා ඇති වාට්ටුව විෂබීජහරණය කර නැවතත් රෝගීන් ඇතුලත් කරන තුරු වෙනත් වාට්ටුවකට රෝගින් යොමු කර ප්‍රතිකාර කරන බව අධ්‍යක්ෂකවරයා පැවසීය.

Related posts

ගමන් බෑගයේ කාන්තා මළ සිරුර ගැන සොයද්දී අතුරුදන් වූ තවත් කාන්තාවන් 1500ක් ගැන තොරතුරු

colombotoday

ඇමති නාමල් ගේ නම විකුණා අපරාධ සිදු කල අයෙක් අත්අඩංගුවට

colombotoday

ජනපති අද ජාතිය අමතයි

colombotoday

මාර්ගයක් අසල නාඳුනන මළ සිරුරක්

Admin

ජිනීවා සැසියේ කොටි පිණුම් ගසති.. රජයේ නියෝජිතයෝ “සෙල්ෆි” කෙළිති.. ගෝලීය ශ්‍රී ලාංකික සංසදය තනිව සටනේ !

colombotoday

ඉදිරි මාස හතරේදී රුපියල තවත් කඩා වැටෙයි – මුදල් ඇමති

colombotoday