Colombo Today Local News

මහව රාත්‍රි මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරියෙකුට පිහියෙන් ඇනලා

මහව නගරයේ රාත්‍රි මුර සංචාරයේ නිරතව සිටි පොලිස් නිලධාරින් දෙදෙනෙකුගෙන් එක් අයකුට පිහි ප්‍රහාරයක් එල්ල කල සැකකරුන් දෙදෙනෙකු අද(31)දින අලුයම අත්අඩංගුවට ගත් බව මහව පොලිසිය කියයි.

ආනන්ද නැමති පොලිස් සැරයන්වරයකු පිහි ඇනුමින් තුවාල ලබා ඇත.

පිහි ප්‍රහාරයට ලක්වු පොලිස් සැරයන් වරයා හා තවත් පොලිස් සැරයන් වරයකු මහව මුලස්ථාන පොලිසිය විසින් 30 රාත්‍රියේ නගර සංචාර කටයුතු වෙනුවෙන් ආයුධ සහිත රාජකාරිවල සිටියදී දෙදෙනකු සැකකටයුතු අයුරින් වෙළදසැලක් ආසන්නයේ සැරිසරනු දැක එම ස්ථානයට ගොස් තිබේ. පොලිස් නිලධාරින් පැමිණීමත් සමග මෙම සැකකරුවන් දෙදෙනා දෙපසට පලා ගොස් තිබේ.

පසුව පොලිස් නිලධාරින් පලා ගිය දෙදෙනා පිළිබදව සෝදිසි කිරිම් වල නිරත වෙමින් සිටියදි සැගවි සිටි එක් සැකකරුවකු එක වරම පොලිස් නිලධාරියා වෙතට කඩා වැදී පිහියකින් ඇන ඇති බව කියයි. පොලිස් සැරයන් වරයා ආධාර ඉල්ලා කෑගසා ඇති අතර ඒ සමගම අනෙක් සැරයන් වරයා එම ස්ථානයට ක්ෂණිකව පැමිනිමත් සමග එම සැකකරු හා අනෙක් සැකකරු පලා ගොස් ඇති බව පොලිසිය කියයි.

පිහි ප්‍රහාරයට ලක්වු පොලිස් නිලධාරියා කඩිනමින් මහව රෝහලට ප්‍රතිකාර සදහා යොමු කර තිබු අතර රාත්‍රියේම නැවත නිකවැරටිය රෝහලට මාරුකර යවා තිබුනී. නිකවැරටිය රෝහලේදී මෙම පොලිස් නිලධාරියා සැත්කමකට භාජනය කිරීමට නියමිතව ඇති බව රෝහල් බලධාරියෙක් පැවසිය.

මෙම පොලිස් නිලධාරියාට පිහිපහර එල්ල කිරීමට සම්බන්ධ සැකකරු හා අනෙක් සැකකරු මහව මුලස්ථාන පොලිසියේ විශේෂ කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගෙන තිබුනි.

පොලිසිය පවසන්නේ සැකකරු යුධ හමුදාවෙන් පලා ආ අයකු බවය. මෙම සැකකරුන් නගරයේ වෙළඳ සැලක් කොල්ල කෑමට පැමිණ ඇති බව පොලිසිය කියයි.

Related posts

ඕස්ට්‍රේලියාවේ පැවති 2022 වසරේ 20/20 තරඟයේ දී ක්‍රිකට් විධායක කමිටුවේ වියදම් මැතිසබයේ දී එළියට

Admin

අනතුරට පත් ට්‍රෝලර් යාත්‍රාවක සිටි 38ක් නාවික හමුදාව බේරාගනී

Admin

මෙරට ක්‍රීඩා ඉතිහාසය අලුත් කළ දිනේෂ් ප්‍රියන්තට උසස්වීමක්

colombotoday

ඉන්දියාවෙන් ගෙනා රුපියල් කෝටි තුනක අයිස් සමග දෙදෙනෙක් අල්ලයි

Admin

ලංකාවේ යුධ උපකරණ 63ක් රට පටවයි.. කැබිනට් අනුමැතිය හිමිවේ…

colombotoday

රාජගිරිය රිය අනතුරට අදාලව හිටපු වැලිකඩ පොලිස් ස්ථානාධිපති අත්ඩංගුවට ගන්න නියෝග

colombotoday