නව බදු ක්රමයේ කිසිදු සංශෝධනයක් සිදු නොකරන බවත්, වාහන මුල අඩු කිරීම සදහා කිසිදු පියවරක් නොගන්නා බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා තම සංගමය හමුවේ ස්ථීර පොරොන්දුවක් දුන් බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
වාහන ආනයනය සම්බන්ධයෙන් පනවා ඇති නව බදු ව්‍යුහය පිළිබදව තම සංගමයේ සාමාජිකයන් ඊයේ 11 දිනයේදී මුදල් අමාත්‍යවරයා හමුවී කළ සාකච්ඡාවේදී මෙසේ පැවසූ බව එම සංගමයේ සභාපත් ඉන්දික සම්පත් මෙරෙන්චිගේ පවසා සිටියේ.