Colombo Today Local News

සෞඛ්‍ය උපදෙස් නොතැකු බස් 50ක බලපත්‍ර කොවිඩ් ලෝකයෙන් තුරන් වනතෙක් අත්හිටුවයි

නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළ බස්රථ 50ක පමණ ධාවන බලපත්‍ර තාවකාලිකව අත්හිටුවා තිබේ.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ, සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන බස්රථ පිළිබදව අඛණ්ඩව සොයාබැලීම් සිදුකරන බවය.

මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මෙම අදහස් පළ කළේය.

“මේ අවස්ථාවල දී යම් යම් ඩිපෝවල එක්කෙනෙක් දෙන්නෙක් ආසාදනය වෙච්ච තත්ත්වයන් තිබුණා. දකුණු ඩිපෝවෙත් වුණේ ඒකයි. අපිට 68 දෙනෙක් රියදුරු කොන්දොස්තරවරු නිරෝධායනයට යොමුකිරීමට සිදුවෙලා තියෙනවා. නමුත් මේ අය පෞද්ගලික සංචාර ගිහින් කොවිඩ් වැළඳිලා නෙමෙයි ජනතාවට සේවය සපයමින් සිටිය දී මේ තියෙන තත්ත්වයට මුහුණ දෙන්න සිදුවෙලා. ඉතින් අපි විශේෂයෙන්ම ආරක්ෂිතව මගීන් ප්‍රවාහනයට උපදෙස් දීලා තියෙනවා. ලංගමය අකුරට පිළිපඳිනවා. පෞද්ගලික අංශයේත් සියයට 90ක් ඒ උපදෙස් පිළිපඳිනවා. පිළිපඳින්නේ නැති අයගේ බලපත්‍ර මේ වන විට 50 කට ආසන්න ප්‍රමාණයක් අපි තහනම් කරලා තියෙනවා. කවදා හෝ කොවිඩ් මේ ලෝකයෙන් තුරන් වු දාට තමයි අපි ඒ බලපත්‍ර ලබලා දෙන්නේ.“

මේ අතර ලබන ජනවාරි මාසයේ සිට රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ආරම්භ කරන බව දිලුම් අමුණුගම මහතා සඳහන් කළේය.

Related posts

හිටපු මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාව සාර්ථකයි – අනුර ප්‍රියදර්ශන යාපා

colombotoday

ජනවාරියේ වැඩිකළ විදුලි ගාස්තු අඩුවෙයි?

Admin

ජාතිවාදය අවුස්සන සියල්ලන්ට එරෙහිව නීතිය සමානව කි‍්‍රයාත්මක විය යුතයි

colombotoday

කටුනායක පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය

colombotoday

වෙනම ප්‍රාදේශීය සභාවක් ඉල්ලා කල්මුනේ හර්තාල්… තෙදිනක නෝම්බි උපවාසයකුත් අරඹයි !

colombotoday

සමෘද්ධිය අහිමි වූවන්ගේ අභියාචනා හා විරෝධතා ලක්ෂ 5 පනී

Admin