Covid 19

කොවිඩ් මෘත දේහ පිළිබඳ විමර්ශන කමිටු වාර්තාව අද සෞඛ්‍ය අමාත්‍යාංශයට

කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ මෘත දේහ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා පත්කළ කමිටු වාර්තාව අද (30) දිනයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමට නියමිතව තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, අදාළ වාර්තාව සකස්කර අවසන් බවට කමිටුව විසින් දැනුම් දී ඇති බවය.

ඒ අනුව අදාළ වාර්තාව අද දිනයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබෙනු ඇති බව වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්වන පුද්ගලයින්ගේ දේහය ආදාහනය කරන්නේද භූමදානය කරන්නේ ද යන්න සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සාමාජිකයින් 09 දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත්කරනු ලැබීය.

මහාචාර්ය ජෙනිෆර් පෙරේරාගේ ප්‍රධානත්වයෙන් යුත් අදාළ කමිටුව විසින් ඒ පිළිබඳව සිදුකළ අධ්‍යයනයෙන් අනතුරුව ඊට අදාළ වාර්තාව සකස්කර ඇති බව වාර්තා වේ.

ආදාළ වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අවසන් තීරණයක් ගන්නා තුරු කොරෝනා ආසාදිත මෘත දේහ ආදාහනය කිරීම සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

Related posts

කොරෝනා ආසාදිතයන්ට දෙවන වටයේ සැකසූ රෝ්හල්ද පිරී යයි..

colombotoday

කොරෝනා වෛරසය ඊයේ මියගිය පුද්ගලයාගේ දේහය ආදාහනය කිරීමට ජනතාව විරුද්ධ වෙයි

colombotoday

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම නවාතැන් ගෙන සිටින හෝටලයේ තවත් දෙදෙනකුට කොරෝනා.

colombotoday

කොරෝනා මරණ 5ක් – සමස්ථ මරණ සංඛ්‍යාව 29 දක්වා ඉහළට

colombotoday

කොරෝනා යැයි සැක 212ක් රටපුරා රෝහල්වල… අලුත්ම වාර්තාව මෙන්න !

colombotoday

කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක සඳහා ඇඳිරි නීතිය දිගටම. අනෙකුත් පළාත් සඳහා පැය 6කට ඉවත් කෙරේ

colombotoday