Colombo Today Local News

නීතිවිරෝධීව රැගෙන ආ වියළි කහ තොගයක් විනාශ කරයි

ඉන්දියාවේ සිට නීතිවිරෝධී අයුරින් මෙරටට රැගෙනවිත් තිබූ වියළි කහ කිලෝ 532 ක් අද (28)දින මන්නාරම මූලස්ථාන පොලිසිය විසින් විනාශකරනු ලැබීය.

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් සෞඛ්‍ය අංශ ලබාදී තිබෙන උපදෙස් අනුව එලෙස පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබූ වියළි කහ තොග විනාශ කිරීම ආරම්භ කෙරිණි.

මන්නාරම නගර සභාවට අයත් අපද්‍රව්‍ය පිරිපහදු කරනස්ථානයේදී මෙම කහතොගය විනාශකරනු ලැබූ අතර එහි වෙළෙඳ වටිනාකම රුපියල් ලක්ෂ පහ ඉක්මවන බවද මන්නාරම පොලිසිය සඳහන් කළේය.

පසුගිය 20 වැනිදා මන්නාරම නගරයේදී ඉන්දියාවේ සිට රැගෙනවිත් කොළඹට ප්‍රවාහනය කිරීම සඳහා මෙම කහ තොගය සූදානම්කොට තිබියදී අත්අඩංගුවටගෙන තිබිණ.

Related posts

මැති ඇමැතීන් පිරිසක් ළඟදීම ඒකාබද්ධයට – විජයදාස ශ්‍රීලනිපයට?

colombotoday

ගිරිතලේ වැවට ජලය සැපයෙන ඇළ මාර්ගයකට කොවිඩ් ඇඳුම් කට්ටල විසිකරලා

colombotoday

17 වෙනිදා ගෝඨා දිනනවා, ඊට පසුවදාම අපි ඇමතිලා වෙනවා – SB

colombotoday

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති කටුනායකදී CID අත්අඩංගුවට

colombotoday

ගෝඨාගමනයට එරෙහිව එජාප ප්‍රභල ඇමති අංචි අදී – ඇමරිකා පුරවැසිභාවය ඉවත්කිරීම වැලැක්වීමට නඩුවක් දම්මවයි

colombotoday

අද ක්‍රිකට් පරිපාලනය කරන්නේ සූදු කාරයන්.. ක්‍රීඩකයන්ට සූදු කෙලින්න එපා කීවට වැඩක්ද!

colombotoday