Colombo Today Local News

කඩුපහරකින් අවසන් වූ අසම්මත පෙම

ප්‍රේම සම්බන්ධතාවයක් මත ඇති වූ ආරවුලක් නිසා කිළිනොච්චිය මුලංගාවිල් ප‍්‍රදේශයේදී එක් පුද්ගලයකුව කඩුවකින් කපා කොටා 26 දා ඝාතනය කොට තිබෙනවා.

මුලංගාවිල් පල්වරායන් කට්ටචෝලේ ආදර්ශ ගම්මනයේදී මහ දවල් සිදු වූ මෙම කඩු ප‍්‍රහාරයේදී මියගොස් ඇත්තේ එම ගම්මානයේ පදිංචිව සිටි සෙල්වරත්නම් ප‍්‍රදීපන් නැමති 33 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා සැකකරුගේ ඥාතියකු සමග ඇතිකර ගෙන තිබෙන අසම්මත ප්‍රේම සම්බන්ධයක් නිසා මේ දෙදෙනා අතර කාලයක සිට දැඩි කෝන්තරයක් හටගෙන තිබූ අතර සිද්ධිය වූ දිනයේදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග යෑම නිසා සැකකරු ඔහුට කඩුවකින් කොටා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබුණා.

මුලංගාවිල් පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

Related posts

දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු මරුට

Admin

ශ්‍රී ලංකාව ස්වාධීන රටක්. අපේ ප්‍රශ්නවලට අගිලිගහන්න එපා – බොදු බලෙන් බ්‍රිතාන්‍ය අගමැතිට ලිපිය

colombotoday

රාජ්‍ය මාධ්‍ය ආයතනවලට නව ප්‍රධානීන්

colombotoday

රජය ඇස්බැස්ටස් තහනම ඉවත් කර ගනී !

colombotoday

කරාපිටිය රෝහලේ වකුගඩු සැත්කම් නැවතිලා… රෝගීන් දැඩි අසීරුවට පත්වෙයි

colombotoday

න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුමට අත්සන් තැබීමට අනුමැතිය

Admin