Colombo Today Local News

මේ වනවිට හුදෙකලා තත්ත්වයේ පවතින පොලිස් බල ප්‍රදේශ

පොලිස් බල ප්‍රදේශ 9 ක් තවදුරටත් හුදෙකලා තත්ත්වයේ පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව කොළඹ නගරයේ මාලිගාවත්ත, අඳුරුප්පු වීදිය ,කොටෙහේන, දෙමටගොඩ, ග්‍රෑන්ඩ්පාස් සහ මෝදර යන පොලිස් බල ප්‍ර‌දේශ 6 මේ වනවිට හුදකලා කර තිබේ.

ඊට අමතරව හුදකලා කර ඇති සෙසු පොලිස් බල ප්‍රදේශ තුන වන්නේ, අවිස්සාවේල්ල, රුවන්වැල්ල හා කොස්ගමයි

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, කිසිවෙකුට අදාළ ප්‍රදේශවලින් පිටතට යාම එම ප්‍රදේශවලට ඇතුළුවීම සම්පූර්ණයෙන් තහනම් බවයි.

පොලීසිය ජනතාවගේන ඉල්ලා සිටින්නේ, නිරෝධායන නීතිවලට අනුගතව කටයුතු කරන ලෙසයි.

මීට අමතරව තවත් ග්‍රාමසේවා වසම්, වීදි, මංමාවත් හා මහල් නිවාස ද හුදකලා තත්ත්වයේ පවතී.

කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ බටහිර සහ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම් අද අලුයම 5 සිට හුදෙකලා කෙරිණ.

මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ සහ ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ග්‍රාම නිලධාරී වසම් 10 ක් ද ඊයේ සිට හුදෙකලා කෙරිණ.

ඒ අනුව ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හුදෙකලා කළ ප්‍රදේශ වන්නේ,
*මින්නාන
*විලේගොඩ
*යකුදාගොඩ
*අස්ගඟුල
*බෝපත්ත

ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ
*රක්වාන නගරය
*රක්වාන උතුර
*රක්වාන දකුණ
*මස්ඉඹුල සහ
*කොට්ටල
යන ග්‍රාම නිලධාරී වසම් හුදෙකලා කෙරිණ.

මේ අතර කොම්පඤ්ඤවීදිය, වෑකන්ද, හුණුපිටිය, වැල්ලම්පිටිය ලක්සඳ සෙවන සහ වැල්ලවත්ත මයුර පෙදෙස අද අලුයම 5 සිට හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කර තිබේ.

මීට අමතරව මේ වන විට හුදෙකලා කර ඇති අනෙකුත් ප්‍රදේශ නැවත දැනුම් දෙනතුරු හුදෙකලා තත්ත්වයෙන් පවතිනු ඇති.

Related posts

සම්බන්ධන් නව අගමැති මහින්ද හමුවේ…

colombotoday

වෙළෙන්දන් බිත්තර අළෙවි නොකරයි – පාරිභෝගිකයින්ගෙන් මැසිවිලි..

colombotoday

නිදහස් චතුරශ්‍රයේදී සිදුවී තිබු සහෝදරයාගේ මරණය ගැන සැකයක් නැති බව සංජිව අධිකරණයට කියයි

colombotoday

එමිල්-රංගජිව යළි රිමාන්ඩ්

colombotoday

කාටවත් වෙඩි තියන්න යන්න එපා. මම යන්න ලෑස්ති වෙන්නම් – ජනපති ගෝඨාභය බේරා ගත් හමුදා මෙහෙයුම

colombotoday

ජනාධිපති අරමුදල ගෙවීම් කඩිනම් කරයි

Admin