කොරෝනාව වේගයෙන් පැතිරීම ආරම්භ වීමත් සමග ඉන්දියානු රජය ප‍්‍රසිද්ධියේ කෙළ ගැසීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට තීරණ කළේ පසුගිය අපේ‍්‍රල් මාසයේදීය. මීට පෙර එරට බොහෝ නගරවල ප‍්‍රසිද්ධියේ කෙළ ගැසීම තහනම් කර තිබුණද එය බලාත්මක කිරීම හෝ දැඩි ලෙස සළකා බැලීමක් සිදුවූයේ නැත. ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප‍්‍රකාශ කර සිටියේ ප‍්‍රසිද්ධියේ කෙළ ගැසීම තහනම් කරමින් නව පනතක් ගෙන එන බවයි. ප‍්‍රසිද්ධියේ කෙළ ගසන්නන්ට එරෙහිව ඉන්දීය රුපියල් දහසක දඩයක්ද නියම කර ඇති අතර දිල්ලි අගනුවර ප‍්‍රසිද්ධියේ කෙළ ගැසුවහොත් දඩය ඉන්දිය රුපියල් 2,000 දඩයක් නියම කරනු ඇත. ඉන්දියාවේ කෙළ ගැසීමේ තහනම ගැන සිහි කරන්නට සිදුවූයේ අටුළුගම ජනතාව සාහසික ලෙස කටයුතු කරමින් කෙළ හැම තැනම ගසමින් තක්කඩි අයුරින් කටයුතු කරන නිසාය. මොවුන්ට අවම සාදාචාරයක් හෝ නැද්ද? පසුගිය දෙසැම්බර් මුල් සතියේ අටුලූගම ප‍්‍රදේශයෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයකුව රෝහල්ගත කිරීම සඳහා සෞඛ්‍ය අංශ පැමිණි අවස්ථාවේ කොරෝනා ආසාදිත එම පුද්ගලයා රෝහලගත වීම ප‍්‍රතික්ෂේප කරමින් සෞඛ්‍ය අංශ වෙත කෙළ ගැසීමක් සිදුකර තිබුණි. ඊට පසු පසුගිය සතියේ අටුළුගම අසාදිතයෝ බස් මගින් රෝහල්වලට ගෙන යන අතරතුර හැම තැනම කෙළ ගසා ‘‘සුනඛ” හැසිරීම ප‍්‍රකට කළ බව දක්නට ලැබිණි. අටුළුගම වෙසෙන්නේ මනුෂ්‍ය වෙස්ගත් නරියන්ද ඌරන්ද යන්න ගැන අපට සැකයක් මතුවේ. වැළලෙන්නට ද`ගලෙන කණ්ඩායම කෙළ ගසමින් පිස්සු කෙලින්නේ කවර අරමුණකින්ද? මොවුන්ගේ මේ ක‍්‍රියාවන් දෙස බලන විට රටේ බහුතර ජනතාව තුළ ඇතිවන්නේ බලවත් කෝපයකි. රටේ අතිශය බහුතර කියන්නේ කෙසේවත් කොරෝනා මරණ භූමදානයට ඉඩදිය යුතු නැති බවයි. විපක්ෂ නායකතුමා භූමදානය වෙනුවෙන් උද්ගෝෂණ පවත්වන නමුත් රටේ බහුතර මතය ඊට හාත්පසින්ම වෙනස්ය. අලි සබ්රි ඇමැතිගේ ශීතාගාරවල මුස්ලිම් දේහ තැන්පත් කිරීමද නැති අර්බුදයක් ඇති කරන අතර එය ආණ්ඩුවේ ජන පදනමටද මාරාන්තික ප‍්‍රහාරයක් එල්ල කරනු ඇත. ජාතික ලැයිස්තුවෙන් පත්වූ අධිකරණ ඇමැතිට 69 ලක්ෂයේ ජනතාවගේ ප‍්‍රසාදයක් නැත. එම අප‍්‍රසාදය ආණ්ඩු විරෝධයක් බවට පත් නොකිරීමට වග බලාගත යුතුය.
කොරානා මරණ අයිස් පෙට්ටියේ තැබීමට එරෙහිව පසුගිය බදාදා කරාපිටියේ වෛද්‍යවරු නිසි ක‍්‍රියාමාර්ග ගත්හ. ඒ අනුව කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති කොරෝනා ආසාදිත මළ සිරුර එම ස්ථානයෙන් ඉවත්කර ගන්නාතුරු පශ්චාත් මරණ පරීක්ෂණ ඇතුළු අධිකරණ වෛද්‍ය කටයුතුවලින් වැළකී සිටීන බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු සහ රුහුණ විශ්වවිද්‍යාල අධිකරණ වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු ප‍්‍රකාශ කළහ. මේ හේතුවෙන් බදාදා කරාපිටිය ශික්ෂණ රෝහලේ, මෘත දේහ සඳහා පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කෙරුණේ නැත. රුහුණු විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය හා නීතිඥ යූ. සී. පී. පෙරේරා මහතා ප‍්‍රකාශ කර තිබුණේ කොරෝනා වෛරසය සක‍්‍රීයව පවතින එම මෘත දේහය ශීතකළ කන්ටේනර්වල තැබීමට ඇතැම් පිරිස් යෝජනා කරන බවත් එය කිසිසේත්ම ප‍්‍රායෝගික නොවන බවය. විශේෂඥ අධිකරණ වෛද්‍ය පෙරේරා මහතා සිය මතය මෙසේ ද ප‍්‍රකාශ කර තිබිණි.
කරාපිටියේ තැන්පත් කර තිබෙන කොරෝනා මළ සිරුරෙන් අපි 22 වැනිදා දීත් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකළා. ඒ පරීක්ෂණය අනුවත් ඒ සිරුරේ තවමත් කොරෝනා වෛරසය සක‍්‍රීය මට්ටමේ තිබෙනවා. එම සිරුරෙන් අපේ අධිකරණ වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයත්, හදිසි මරණ පරීක්ෂණ කර ගැනීමට දෛනිකව මෙම ඒකකයට පැමිණෙන සියලූ දෙනාත් අවදානමට ලක්වෙලා තියෙනවා. මේ සිරුර තබාගැනීමට අපට අවශ්‍ය ශීතාගාර නැහැ. ඇතැම් ආගමික කණ්ඩායම් ශීතාගාර බාහිරින් ගෙනවිත් සවිකරන්න යෝජනා කරනවා. ඒ සඳහා අපට ඉඩ පහසුකම් ප‍්‍රමාණවත් නැහැ. ඒ විතරක් නෙවෙයි මේ මළ සිරුර ශීතාගාරයක තැබූ විට සති දෙකකට වැඩි කාලයක් කොරෝනා වෛරසය සිරුර තුළ සක‍්‍රීයව පැවතීමේ අවදානමක් තිබෙනවා. මේ සියලූ කරුණු සලකා බැලීමෙන් පසුව කරාපිටිය අධිකරණ වෛද්‍ය අංශයේ දෙනාම තීරණය කළා මේ සිරුර ඉවත් කරනතුරු සේවයෙන් වැළකී සිටීමට”.
මේ නිසාම කරාපිටියේ කොරෝනාවලදී මියගිය මුස්ලිම් ජාතිකයාගේ දේහය බදාදා සවසම ආදාහනය කර තිබිණි. අයිස් පෙට්ටියට අධිකරණ ඇමැතිවරයා කැමති වුවත් අධිකරණ වෛද්‍යවරු එය ප‍්‍රතික්ෂේප කරන්නේ ඒ හරහා රටම අනාරක්ෂිත වන නිසාය. අලි සබ්රි ඉතා හොද නීතිඥයකු වුවත් ඔහු දන්නා වෙදකමක් නැත. එම නිසා තම ප‍්‍රජාව චූන් කිරීමට ශීතාගාර ගෙනවිත් ලැබුණු ජනවරමට නිගා දියයුතු නැත.
මේ අතර මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ප‍්‍රකාශ කරන්නේ කොරෝනා මෘත දේහ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් දී තිබියදී නැවත නැවතත් මේ ගැන වාද විවාද කරමින් සංදර්ශන කිරීම මේ අවස්ථාවේ සිදුකළ නොකළ යුතු බවයි. එය සැබවින්ම ඇත්තකි. රටේ ජනතාවත් සෑමවිටම මේ මතයේම සිටිති. කොරෝනා ආසාදිත දේහයන් කළමනාකරණය කිරීම පිළිබඳව සොයා බලන ඇගයීම් කමිටු සාමාජිකාවක් වන ඇය අවධාරණය කරන්නේ ‘‘ප‍්‍රශ්නය ආදාහනයද භූමදානයද නෙවෙයි භූගත ජලය දූෂණය වුණොත් නැවත පිරිපහදු කරන්න බැහැ” යනුවෙනි. මෘත දේහයක වෛරස පවතින කාලය සම්බන්ධයෙන් මෙතෙක් විද්‍යාත්මක සාක්ෂි නොමැති තත්ත්වයක අනුගමය කිරීමට ඇති හොඳම සෞඛ්‍ය ක‍්‍රමය ක‍්‍රියාත්මක කළ යුතු බව මහාචාර්යවරිය කියයි. එම නිසා කිසිදු තර්ක විතර්කයකින් තොරව සියලූ ආගමිකයන්ගේ දේහයක් ආදාහනය කළ යුතුය. බෞද්ධයන්ට පාංශුකූලය ගැන ප‍්‍රශ්නයක් නැත. වසංගතය නිසා මියයන සිරුරු ආගම අනුව වෙන්කළ යුතු නැත. කොරෝනා දේහ ආදාහනය නිසා පොළොවෙනුත් කොරෝනා පැමිණිය හැක. ඩෙන්මාර්කය විසින් මුගටි වර්ගයකට අයත් වන මින්ක් සතුන් මිලියන ගණනාවක් කොරෝනා පැතිරීමේ අනතුර නිසා මරාවල දැමුවේ පසුගිය නොවම්බරයේය. දැන් එම සතුන් වළ දැමූ ප‍්‍රදේශයේ ජල මූලාශ‍්‍ර හරහා කොරෝනා පැතිරීමේ අවදානමක් මතුව ඇති නිසා ඒ සියලූ දේහ යළි ගොඩගෙන පුළුස්සා දැමීමට තීරණය කර ඇත. මෙයින්ම අනතුර පැහැදිලි නොවන්නේද? ඩෙන්මාර්කයෙන් පොළොවෙන් මතුවන්නේ නම් ලංකාවේ එසේ නොවන්නේද? සැමට නීතියක් ක‍්‍රියාත්මක කළ යුතුය. කිසිම ජන කණ්ඩායමකට විශේෂයක් නැත. කොරෝනා පවතින තාක් අදාහනයම පමණකි. සෞඛ්‍ය ගැටලූ දේශපාලන ගැටලූ බවට පත්කර ගත යුතු නොවේ.
චතුර පමුණුව – දිවයින පුවත්පත