Colombo Today Local News

විරෝධතාකරුවන්ට පොලීසියෙන් අනතුරු ඇඟවීමක්

නිරෝධායන නීති උල්ලංඝනයකර විරෝධතා සංවිධානය කළහොත් ඉදිරියේදී නීතිමය පියවරගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පෙන්වා දෙන්නේ එවැනි විරෝධතා හරහා කොවිඩ් පොකුරු නිර්මාණය වුවහොත් එම ප්‍රදේශයම හුදකලා කිරීමට සිදුවන බවය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසීය.

“පසුගිය දින කිහිපයේදී දක්නය ලැබුණා විවිධ උද්ඝෝෂණ. මේ උද්ඝෝෂණවලදී නිරෝධායන නීති උල්ලංඝනය කරන ආකාරයක් දක්නට ලැබුණා. සියලුම ජන කොටස්වලින් ඉල්ලා සිටින්නේ එලෙස කටයුතු කරන්න එපා කියලා. එහෙම වුණොත් කොවිඩ් පොකුරු, අනු පොකුරු නිර්මාණය වෙයි. එවිට එම ප්‍රදේශ සම්පූර්ණයෙන්ම හුදකලා කිරීමට වෙයි,” යනුවෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Related posts

රට විරුවන්ට විදුලි රිය ආනයනයට අවසර

colombotoday

ඇඹිලිපිටිය තරුණයා මියගියේ කැපුම් තුවාල වලින්.. පොලිස් පහරදීමෙන් නොවේ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

colombotoday

ණය ගැතියන්ට සහන සලසන්නැයි සියලු බැංකු වෙත උපදෙස්..

Admin

ඉන්දියාවෙන් තවත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක්

colombotoday

ජාතිවාදය,ආගම්වාදය විසබීජයක්… දේශපාලන විසබීජ ඉවත් කළ යුත්තේ ජනතාවයි

Admin

නැගෙනහිර හර්තාල්.. කඩ සාප්පු වසා දැමේ.. කලු කොඩි ඔසවයි..

colombotoday