Colombo Today Local News

ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක තනතුරට රාජිත සේනාරත්න ?

rajithajvp

මාධ්‍යවේදීන් ඇවන්ගාඩ් සමාගමෙන් මුදල් ලබාගන ඇති බවත් එම මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් ඉදිරියේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක හෙළි කරන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා ඊයේ පැවතී මාධ්‍ය හමුවකදී සදහන් කළා. අමාත්‍ය රාජිත සේනාරත්න කැබිනට් මාධ්‍ය ප්‍රකාශක උවද මෙම අදහස් පළකිරීම සිදුකලේ ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක ලෙස බවයි අවස්ථාවට සහබාගිවු මාධ්‍යවේදීන් සදහන් කලේ.

මැතිවරණ වේදිකාවේදී ජන්ද ගුන්ඩුවක් ලෙස ඇවන්ගාඩ් පතුරු ගැසූ මැති ඇමතිවරු අද අන්ත අසරණ තත්වයට පත්වී ඇත. මෙයට ප්‍රධානතම හේතුව වන්නේ ඇවන්ගාඩ් සමාගමේ කිසිදු නීතිවිරෝදී ක්‍රියාවක් ඔප්පුකර ගැනීමට ඔවුන්ට නොහැකි වීම සහ ඇවන්ගාඩ් සමාගමේ ප්‍රධානි නිශ්ශංක සේනාධිපති මහතාගෙන් ලබාගත් ප්‍රතිලාභ සාක්‍ෂි සහිතව ඔප්පු වීමයි.

තම නිරුවත වසා ගැනීම සදහා ඔවුන්ට කල හැකි එකම කාර්යය වන්නේ මාධ්‍ය මර්ධනය කිරීමයි. එහි පළමු පියවර වශයෙන් සත්හඩ මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා බියවද්දවීමේ නිවට උපායක් අනුගමනය කරන ලදී. එහි දෙවන පියවර වශයෙන් මාධ්‍යවේදීන්ට අභූත චෝදනා නගා මඩ ගැසීමේ ක්‍රියාවලියක් ආරම්භ කරමින් සිට්යි. මෙයට මැදිහත්වී ඇති මැති ඇමතිවරු ශ්‍රී ලංකේය මඩ දේශපාලනයේ යෙහෙන් වැජබෙන්නන් වීමද විශේෂ කරුණකි.

Related posts

හිටවලා සති දෙකයි.. ජනපතිගේ නා පැළය හොරු ගලවන් ගිහන්

colombotoday

රුවන්වැල්ලේ ඝාතනයක්

colombotoday

හිරෙන් පනින්න හැදූ කොටි සැකකරුට වෙඩි තැබූ හමුදා නිලධාරියාට සිර දඩුවම්.. ලක්ෂ 20ක වන්දියකුත් ගෙවන්න වෙයි !

colombotoday

සමීක්ෂණ වාර්තාවලින් සිරස ඇද වැටෙද්දී LMRB සමීක්ෂණ ආයතනයට මහරජා තර්ජනය කරයි

colombotoday

සා. පෙළ ප්‍රතිඵල එනකන් දරුවන්ට පාසලේදීම වෘත්තීය පුහුණුවක්

Admin

ආනයනික බිත්තර සුපිරි වෙළෙඳසැල් හරහා අළෙවියට වැඩපිළිවෙලක්

Admin