Colombo Today Local News

මාම්පුරි වැල්ලේ සගවා තිබු කහ තොගයක් සොයාගනී

නොරෝච්චෝල මාම්පුරි වැල්ල ආසන්නයේ සඟවා තිබු රුපියල් ලක්ෂ 160 කට අධික වටිනාකමකින් යුත් කහ කිලෝ 2125ක් හලාවත පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරින්ගේ බුද්ධි තොරතුරු මත නොරෝච්චෝල පොලිසිය අද(22)දින අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාම්පුරි වැල්ල ආසන්නයේ නිවසක සඟවා තිබු කහ තොගයක් හා වෙරළ තීරයේ කෑලෑවල සගවා තිබු කහ තොගයක් බව පොලිසිය කියයි.

කහ තොගය කොවිඩ් 19 නිරෝධායන නීති උල්ලංඝණය කරමින් ඉන්දියාවේ සිට ධීවර යාත්‍රා මගින් රැගෙනවිත් ඉන් පසුව ශ්‍රී ලංකා ධීවර යාත්‍රා යොදා ගනිමින් මාම්පුරිය වැල්ලට රැගෙනවිත් ඇති බව පොලිසිය කියයි.

කහ තොගයේ කොටසක් සගවා තිබු නිවසේ සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේන් පසුව ඉතිරි කහ තොගය වෙරළ තිරයේ සගවා තිබු ස්ථාන වලින් සොයා ගෙන තිබේ.

අත් අඩංගුවට ගත් කහ තොගය හා සැකකරුවන් පරික්ෂණ සදහා නොරෝච්චෝල පොලිසියට භාර දී තිබුණි.

අත් අඩංගුවට ගත් සැකකරුවන් ප්‍රකාශ ලබා ගැනිමේන් පසුව පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

2018 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

colombotoday

ආබාධිත රණවිරුවෝ මහවැස්සේත් මාරාන්තික උපවාසයේ

colombotoday

පන්සල්වල ඉන්න හීලෑ අලි ඇතුන් පටලවා ගනිමින් බෞද්ධ සංස්කෘතියට පහර ගැසීමේ කුමන්ත්‍රණයක් තිබෙනවා

colombotoday

නිදහස නෑ කියා නිදහස් දා උතුරේ කලු කොඩි

colombotoday

කාලගුණයෙන් රතු නිවේදන

colombotoday

අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම අද

Admin