Colombo Today Local News

දෙවනගල ප්‍රේරණ කලාපය සලකුණු කිරීම ඇරඹෙයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවකදී ප්‍රේරණ කලාපය ලකුණු කිරීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් විසින් දුන් නියෝගය අනුව 2004 ජුනි 04 දිනැති අංක 1344 දරන ගැසට් නිවේදනය හා 2005 මැයි 20 දිනැති අංක 1394 දරන ගැසට් නිවේදනයට අනුව යාර 400 ප්‍රේරණ කලාපය සලකුණු කිරීමේ කාර්ය “දෙවනගල ගල් පර්වතය (පුදබිම පිහිටා ඇති ගල් පර්වතයේ පාදම) පාමුල පුරාවිද්‍යා මායිම් කණු සිටුවා ඇති ස්ථානයේ සිට ආරම්භ කරනා ලෙස දන්වා ඇති බව දෙවනගල භාරකාර මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියෝ සඳහන් කර සිටියි.

අදාළ මිනුම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවකදී මේ බව තීරණය කර ඇති බවද උන්වහන්සේ වදාළහ. ඓතිහාසික දෙවනගල පුදබිම සම්බන්ධයෙන් වූ ගැටලුව වසර ගණනාවක් තිස්සේ පවතින අතර පැවති කිසිදු රජයකින් ඒ සම්බන්ධයෙන් නිවැරදි තීරණ නොගැනීම හේතුවෙන් එහි පුරාවස්තු රැසක් විනාශ විය.

පූජා භූමියට අයිති ඉඩකඩම් විවිධ පිරිස් විසින් බලෙන් අල්ලාගෙන දිනෙන් දින මෙහි ඇති උරුමය විනාශ කරගෙන යන ගැටලුව දවසින් දවස වැඩි වී ඇති අතර සමහර අන්තවාදී කොටස් විසින් විහාරස්ථාන බිමට පැමිණ හිමිවරුන්ට, දායකයන්ට තර්ජනය කරමින් සී.සී.ටී.වී. කැමරා පවා රහසිගතව සවි කරගෙන ඔත්තු බලමින් දෙවනගල භාරකාර හිමි ඇතුළු මේ උරුමය බේරා ගැනීමට අරගල කරනා අයගේ ජීවිතවලට පවා තර්ජනයක් වන ලෙස හැසිරෙන්නට වී තිබේ.

Related posts

යාපනයේ භූගත ජල උල්පත් වලට කලූ තෙල් මුසු වෙයි. පිපාසයට ජල බිඳක් නැතිවෙන ලකුණු

colombotoday

BREAKING : නවතම ඇඳිරිනීති නිවේදනය

colombotoday

රුවන්වැලි මහ සෑ, ජයශ්‍රීමහා බෝ සමිදුන්ගේ ආරක්ෂාවට අධි ආරක්ෂිත වැටක්…

colombotoday

හඟුරන්කෙත තරුණයා ඝාතනයට පුද්ගලයින් 9ක් අත්අඩංගුවට

Admin

මූල්‍ය අක්‍රමිකතා හෙළිවෙයි… BOC, BOI හා PB අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරෙයි

colombotoday

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහිව අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක්

colombotoday