Covid 19World

කොවිඩ් ආසාදිත කැලෑ සත්වයෙක් ප්‍රථමවරට වාර්තා වෙයි.

ඇමරිකා එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද අනතුරු ඇඟවීමකට අනුව, කැලෑ සතෙකුට තුළ කොරෝනා වෛරසය වැළඳීම පිළිබඳ පළමු සිද්ධිය දැන් සනාථ වී තිබේ. ඒ ලොම් ගොවිපලවල් අවට වන සතුන් පිළිබඳව පරීක්‍ෂා කිරීමේදී උටාහි කැලෑ මින්ක් සතෙකු කොවිඩ් 19 ධනාත්මකවී තිබීමත් සමගයි.

එක්සත් ජනපදයේ, උටා, විස්කොන්සින්, ඔරිගන් සහ මිචිගන් හි මින්ක් ගොවිපලවල් 16 ක කොරෝනා වයිරස් පැතිරීම වාර්තා වී ඇති අතර වැඩිම ප්‍රමාණයක් උටාහි දක්නට ලැබේ. වෛරස් ආසාදිත ගොවිපලවල් අවට මින්ක්, රකූන් සහ වෙනත් සතුන් පිළිබඳව නිරන්තරයෙන් පරීක්‍ෂා කර තිබුනත් මීට ඉහතදී කිසිදු කැලෑ මින්ක් සතුන්ට වරසය ආසාදනය වීමක් අනාවරණය වී නොමැත.

සත්වෝද්‍යාන තුල ඇති කරන සතුන් වන සිංහයන්, ව්‍යාග්‍රරයන් සහ හිම දිවියන් මෙන්ම ගෘහස්ථ සුනඛයන් හා බළලුන්ගෙන් ද මෙම වෛරසය සොයාගෙන ඇත.

වෛරස් ආසාධිත මළසිරුරු භූමිදානය කළහොත් වෛරසය ශ්‍රී ලංකාවේ මී ගහනයට බෝ වීමේ අවදානමක් ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය මීට මාස කිහිපයකට පෙර අනතුරු ඇඟවීය.

Related posts

කොරෝනා හේතුවෙන් ඇමෙරිකාවේ මරණ 6ක්

colombotoday

බන්ධනාගාර ආශ්‍රිතව තවත් කොවිඩ් ආසාදිතයින 19ක්.. නිලධාරීන් දෙදෙනෙකුත් ඒ අතර

colombotoday

කොරෝනා හැදුවේ චීනයේ විද්‍යාගාරයක – එරට වෛද්‍යවරියකගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් (VIDEO)

colombotoday

ඉතිහාසයේ ප්‍රථම වතාවට මුස්ලිම් පූජකයෙකුගේ පුරවැසිභාවය අත්හිටුවා දමයි.

colombotoday

බ්‍රිතාන්‍යයේ ආර්ථිකය ශක්තිමත් වීමට වසර තුනක් ගතවේවි

colombotoday

ඊයේ වැඩිම ආසාදිතයින් වාර්තාවීම කළුතරින්

colombotoday