Covid 19

ඊයේ කොවිඩ් ආසාදිතයින් වාර්තාවූ දිස්ත්‍රික්ක සහ ප්‍රදේශ මෙන්න

අද (17)දින උදෑසන වන විට මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 616 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය උපුටා දක්වමින් රජයෙ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, ඉන් ආසාදිතයින් 611 දෙනෙකු දේශීයව හඳුනා ගත් ආසාදිතයින් බවයි.

ඉතිරි ආසාදිතයින් 5 දෙනා හඳුනා ගෙන ඇත්තේ, විදෙස්ගතව සිට මෙරටට පැමිණි ආසාදිතයින් අතරිනි.

දේශීයව හඳුනා ගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිස ⁣වන ආසාදතයින් 266 දෙනා හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

ඊට අමතරව මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 99ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 94ක් ලෙස හඳුනා ගෙන තිබේ.

අනෙකුත් ආාසදිතයින් හඳුනාගෙන ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි.

ඊයේ දිනය තුළ මරණ 6ක් වාර්තා වීමත් සමග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 160 ක් දක්වා ඉහළ ගිය අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 8925ක් පමණි.

අද උදෑසන වනවිට මේරටින් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 34,737 වන අතර පූර්ණ සුවය ලබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව 25,652 කි.

මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථාන 81ක් තුළ පුද්ගලයින් 8,012 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ දිනය තුළ මෙරටදී සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 15,237කි.

Related posts

ඉදිරි සතියේ රට පුරාම කොරෝනා ආසාදිතයන් හමුවේවි

colombotoday

තහවුරු කළ කොවිඩ් මරණ 101ක් – – සමස්තය 2,000 ඉක්මවයි

colombotoday

අදත් කොරෝනා අසාදිතයන් තිදෙනකු හමුවෙයි. ආසාදිතයින්ගේ සංඛ්‍යාව 146 දක්වා වැඩිවේ.

colombotoday

කෑගල්ලලේ කොවිඩ් ආසාදිතයින්ට අධික උණ රෝගලක්ෂණ.. නව කොවිඩ් ප්‍රභේදයක් දැයි සැකයක්

colombotoday

නව ආසාදිතයින් 2,039ක්

colombotoday

ආගරපතන ප්‍රාදේශීය සභා සභාපතිට කොවිඩ්

colombotoday