World

නෙදර්ලන්තය සති පහකට වසයි

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තියේ අවදානම සැලකිල්ලට ගනිමින් නෙදර්ලන්තය අද (15)දිනයේ සිට සති 05ක කාලයක් වසා දැමීමට පියවර ගෙන ඇතැයි ගාඩියන් පුවත් සේවය වාර්තා කර සිටී.

ඒ් අනුව ලබන ජනවාරි මස 19 වන දින දක්වා රට වසා දැමෙන බවද නෙදර්ලන්ත අග්‍රාමාත්‍ය මාර්ක් රූට් ප්‍රකාශ කර ඇත.මෙම තීරණයත් සමග සියලු පාසල්, අත්‍යවශ්‍ය නොවන වෙළෙදසැල් වසාදැමීමට පියවර ගෙන ඇති අතර අත්‍යාවශ්‍ය නොවන විදෙස් සංචාර ලබන මාර්තු මාසය දක්වා අත්හිටුවන ලෙස ද ඒරට අග්‍රමාත්‍යවරයා එරට වැසියන්ට දැනුම් දී තිබේ.

වෛරස ව්‍යාප්තියේ අවදානම හේතුවෙන් එළඹෙන නත්තල් හා අලුත් අවුරුදු සමය වෙනුවෙන් ජර්මනිය, ඉතාලිය ඇතළු යුරෝපයේ රටවල් කිහිපයක්ම සංචරණ කටයුතු සීමාකිරිම සඳහා නව කොන්දේසි ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Related posts

ෂැංහායි ඩිස්නිලන්තය වසා දමයි

colombotoday

යුක්‍රේනයේ යුද කලාපයේ දී ප්‍රංශ මාධ්‍යවේදියෙකු ඝාතනය කරයි

Admin

ලොව පුරා කොවිඩ් ආසාදිතයන් ගණන එක්කෝටි පනස් ලක්ෂය ඉක්මවයි

colombotoday

කැතේ පැසිෆික් සේවකයින් 8500කට රැකියා අහිමි වේ

colombotoday

ඇෆ්ගනිස්තානයේ 08 වන පළාත් අගනුවරත් තලෙයිබාන් සංවිධානය ආක්‍රමණය කරයි

colombotoday

ඊශ්‍රායලය ඔත්තු සේවා චන්ද්‍රිකාවක් දියත් කරයි

colombotoday