Colombo Today Local News

වාහන අංක තහඩු වලින් පළාත් අකුරු ඉවතට

වාහන අංක තහඩු නිකුත් කිරීමේදී වාහනය ලියාපදිංචි කෙරෙන පළාත සංඛේතවත් කිරීම සඳහා යොදන ඉංග්‍රීසි අකුරු ඉවත් කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

කාබන් විමෝචන පරීක්ෂණ සහ වාර්ෂික ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී පහසුවන පරිදි, පළාත් හඳුනා ගැනීමේ ඉංග්‍රීසි අකුරු දෙකක් වාහනයේ අංක තහඩුවට එක් කරනු ලැබ තිබිණ. එහෙත් වාහනයේ හිමිකරු වෙනස් වන සෑම අවස්ථාවකදීම අංක තහඩු වෙනස් කළ යුතු බැවින් පාරිභෝගිකයින්ට මෙන්ම මෝටර් රථ ගමනාගමන දෙපාර්තමේන්තුවටද මෙම තත්ත්වය නිසා බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවේ.

ලියාපදිංචි කරන ලද සෑම වාහනයකටම වෙනමම අංකයක් නිකුත් කර ඇති බැවින්, එක් එක් වාහනයේ අනන්‍යතාවය දෙපාර්තමේන්තු දත්ත පදනම හරහා පහසුවෙන් හඳුනාගත හැකිය.

එම කරුණු සැලකිල්ලට ගනිමින්, වාහන අංක තහඩු නිකුත් කිරීමේදී පළාත් හඳුනාගැනීමේ පහසුව ස‍ඳහා ඇතුළත් කරන ලද අකුරු ඉවත් කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

Related posts

ජනාධිපති පුටුවේ වාඩි වී ඡායාරූප ගත් පුද්ගලයෙක් කූඩුවට

colombotoday

“ඥානසාර හිමිගේ පිරිත් අසා මියපරලොව ගිය අගමැතිගේ අම්මාත් පුතාට සාප කරයි”

colombotoday

නාමල්ට එරෙහිව සාක්ෂි දෙන්න ප්‍රබල ව්‍යාපාරිකයෙක් සූදානම්?

Admin

නිදහස් වෙළඳ කලාපවල කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිර ගියද ආයතන වසා නැහැ

colombotoday

විදේශීය යාත්‍රාවලට ශ්‍රී ලංකා ධජය යටතේ මෙරටට අයත් මුහුදේ ධීවර කටයුතුවලට රජය අවසර දෙයි

colombotoday

යළිත් විදුලි කප්පාදුවක් ගැන වෘත්තීය සමිතිවලින් අනතුරු අඟවයි

colombotoday