මතුගම පිහිටි වැඩිහිටි නිවාසයක් තුළ පුද්ගලයින් දෙදෙනෙක් අතර ඇති ආරවුලක් මත පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇකි බව මතුගම පොලිසිය සදහන් කරයි.
ඊයේ(14)දින උදෑසන 05.00ට පමණ සිදුව ඇති මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ 77හැවිරිදි එම වැඩිහිටි නිවාසයේ පදිංචි අයෙකි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම වැඩිහිටි නිවාසයේම සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.
මතුගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන මේ සම්බන්ධයෙන් සිදු කරනු ලැබේ.