Colombo Today Local News

‘ජෙමිනොයිඩ්’ උල්කා වර්ෂාව අදත්

මෙම වසරේ තිබූ උල්කාපාත වර්ෂා අතරින් ප්‍රබලතම උල්කාපාත වර්ෂාව වන ‘ජෙමිනොයිඩ්’ උල්කාපාත වර්ෂාව දැකගැනීමේ අවස්ථාව අද (14)දින අලුයම කාලය වන තුරු අවස්ථාව ශ්‍රී ලංකාවාසීන්ට උදා විණි.

මෙම උල්කාපාත වර්ෂාවෙන් පැයකට උල්කාපාත 60ක් 120ත් අතර ප්‍රමාණයක් දර්ශනය වේ යැයි අපේක්ෂා කෙරේ. මෙම උල්කාපත වර්ෂාව ‘3200 පේකන්’ නම් ග්‍රහකය සූර්යයාට ආසන්න වීම නිසා හට ගන්නා අතර මෙම උල්කාපත වර්ෂාව සෑම වසරකම දෙසැම්බර් මස 13, 14 යන දිනවල දර්ශනය වේ. මෙම උල්කාපාත වර්ෂාව ‘ජෙමිනි’ හෙවත් මිථුන තාරකා රාශියෙන් නිකුත් වන්නා සේ පෙනෙන නිසා ‘ජෙමිනොයිඩ්’ ලෙස නම් කෙරෙන බව නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යාඥ ජනක අඩස්සූරිය මහතා ප්‍රකාශ කළේ ය.

මෙම උල්කාපාත වර්ෂා බැලීමට දුරේක්ෂයක් අවශ්‍ය නොවන අතර පියවි ඇසින් බැලිය හැකි බව ඒ මහතා පැවැසුවේ ය. මෙම උල්කාපාත වර්ෂාව වඩාත්ම පැහැදිලිව, වැඩි උල්කාපාත ප්‍රමාණයකින් දැක ගැනීමට රාත්‍රී 12ත් පාන්දර 4ත් අතර කාලය තුළ නැරඹිය යුතු බවත් පැවසිය.

Related posts

අසාද් සාලි අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරයට සැකපිටයි | මහජන ආරක්ෂක ඇමති කියයි.

colombotoday

කොටි කියන්නෙත් අපේ තරුණයෝ.. යුධ ජයගග්‍රහණ සැමරිය යුතු නැ.. මංගල පාඩම් කියාදෙයි

colombotoday

මාලි සාම සාධක රාජකාරියේ නිරත ශ්‍රී ලාංකික අණදෙන නිලධාරියා වෙනුවෙන් රජයෙන් අභියාචනයක්

colombotoday

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතන නඩුව : විත්තිකරුවන් 37කට ඇප

Admin

ශ්‍රීලනිප නව මහ ලේකම් දයාසිරි ජයසේකර

colombotoday

‘විහාර දේවාලගම් පනත අහෝසි කරන්නේ නෑ’ අධිකරණ ඇමති දැන් වෙනස්ම කතාවක් කියයි

colombotoday