World

ආජන්ටිනාවේ ගබ්සාව නීතිගත කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය

ගබ්සාව නීතිගත කිරීම සඳහා වන යෝජනාවට අදාළ පනත් කෙටුම්පතට ආජන්ටිනා පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

අදාළ පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 131 ක් හිමිවූ අතර ඊට විරුද්ධව ඡන්ද 117 ක් හිමිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම යෝජනාව නීතියක් බවට පත්කිරීමට ආජන්ටිනා පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනෙට් සභාවේ අනුමැතිය ද හිමිවිය යුතුය.

ඒ සඳහා වන ඡන්ද විමසීම මෙම වසර අවසන් වීමට පෙර සිදුකෙරෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ගැබ්ගෙන 14 වන සතිය දක්වා ගබ්සාවන් සිදුකිරීමට අවසර ලබාදෙන මෙම පනත ආජන්ටිනා ජනාධිපති ඇල්බර්ටෝ ෆර්නැන්ඩර්ස් විසින් යෝජනා කර තිබේ.

Related posts

මාලදිවයින් ජනපතිවරණයේ විපක්ෂයේ අපේක්ෂක ඉදිරියෙන්

colombotoday

ඇමරිකානු ජනපතිවරණ සටනේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියෙන්

colombotoday

කාබුල් නගරයේ නියෝජ්‍ය ආණ්ඩුකාරවරයා ඝාතනය කරේ

colombotoday

මුස්ලිම් කාන්තාවක් විවාහ කරගත් අහමදියා තරුණයෙකු අත්අඩංගුවට. | අහමදියාවරු මුස්ලිම්වරුන් ලෙස හැඳින්වීමත් තහනම්

colombotoday

ඉන්දියාවේ සිව්වන Monkeypox රෝගියා වාර්තා වෙයි

colombotoday

ත්‍රස්තවාදයට එරෙහිව පුටින් සහ ඔබාමා විශේෂ සාකච්චාවක

colombotoday