Colombo Today Local News

අනුරාධපුර ගුවන් හමුදා කදවුර අසල අනවසරයෙන් ඩ්‍රෝන කැමරාවක් යවලා

අනුරාධපුර ගුවන් හමුදා කදවුර ආසන්නයේ අනවසරයෙන් ඩ්‍රෝන කැමරාවක් ගුවන්ගත කළ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරලැස්ගමුව,ගනේමුල්ල,ඉබ්බාගමුව හා හොරණ පදිංචි කාන්තාවක් හා පිරිමි පුද්ගලයන් සිව් දෙනෙකි.

අත්අඩංගුවට ගෙන ඇති මෙම පිරිස බොරලැස්ගමුව ප්‍රදේශයේ පවත්වාගෙන යන දැන්විම් ආයතනයක අයිතිකරැ හා ඔහුගේ සේවකයන් පිරිසකි.

අනුරාධපුර,තම්මැන්නාපුර විදුහලට ආධාරදිම සදහා පසුගියදා පුද්ගලික ආයතනයක් එකගතාවය පළකොට ඇතැයි පොලිසිය කියයි.

ඒ අනුව මෙම විදුහල පිළිබදව වාර්තාමය වැඩ සටහනක් නිෂ්පාදනය කරදෙන ලෙසට එම පුද්ගලික ආයතනය විසින් බොරලැස්ගමුව පිහිටි මෙම දැන්විම් ආයතනයට භාර කොට ඇති අතර ඒ අනුව ඔවුන් විසින් රැගත කිරිම් සදහා ඩ්‍රෝන කැමරාව ගුවන්ගත කොට ඇති බවද පොලිසිය සදහන් කළේය.

අනුරාධපුර ගුවන් හමුදා කදවුර ආසන්නයේ මෙම පාසල පිහිටා ඇති අතර ඩ්‍රෝන කැමරාව ගුවන් ගතකරන අවස්ථාවේදි ඒ බව ගුවන් හමුදා කදවුරේ රේඩාර් පද්ධතියේ සටහන්ව තිබුණි.ඒ අනුව ගුවන් හමුදා කදවුරේ නිලධාරින් විසින් පොලිසියට කළ දැනුම්දිම මත අනවසරයෙන් ඩ්‍රෝන කැමරාවක් ගුවන්ගත කිරිමේ චෝදනාව මත මෙම පුද්ගලයන් හා ඩ්‍රෝන කැමරාව අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරැවන් පස් දෙනා අද(11)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

Related posts

මුස්ලිම් කාන්තා විවාහ වයස වැඩි කිරීමට යෝජනාවක්

colombotoday

ඡන්ද නොතියන ඇමති ෆයිසර්ට එරෙහිව විශ්වාසභංගයක්.. බහුතරය දැනටමත් ලෑස්තියි !

colombotoday

අධිකරණ තීන්දුව නිසා ගුවන්තොටුපලේ දිගු පෝළිම්

Admin

කැළෑබෝගස්වැවේ ඓතිහාසික අසාධාරණය

colombotoday

ජාතික පොලිස් කොමිසමේ ලේකම් ඉවතට

colombotoday

ආසියානු රදගුරු සමුළුව කොළඹදී.. වියදමට රජයෙන් මිලියන 10 ක්

colombotoday